ඒ සදහා පුර්ණ අනුග්‍රහය නගරාධිපති දයාන් ලංසාගෙනි.
මේ නඩයේ ප්‍රධානියා වන්නේ වැදගත් වෘත්තියක් වු පරිපාලන ක්ෂේත්රයේ නාමයට පවා නිගාදෙන නාගරික කොමසාරිස්වරියයි.
දැන් තවත් සවාරියකි.
එයත් නුවරඑළියටමය.
ඒ සදහා දැන් සුදානමින් සිටින්නේ නාගරික මන්ත්රිලාය.
වසරකට රුපියල් කෝටි 2 කද ඉක්මවු ආදායම් ලබන බිච් පාක් එකේ ටෙන්ඩරය මෙවර මාස 4 කටත් කලින්ම කිසිදු ටෙන්ඩර් කිරිමකින් තොරවම නිමල් ලංසාගේ පියා හට ලබාදිමට ලංසා පවුලට ගැති රාජ්‍ය නිළධාරින් පිරිස හා මේ වන විට පොහොට්ටුවත් සමගින් මිගමුවේදි එකගෙයි කන එජාප නාගරික මන්ත්‍රිලා කටයුතු කර තිබිමේ ප්‍රිතිය නිමිත්තෙන් මේ සියළු වරදාන දැන් ලංසා පවුල විසින් මේ පිරිසකට ලබාදෙමින් තිබේ.
මිගමුව ඩෙංගු රෝගින්ගෙන් පිරියමින් තිබේ.
ඊයේ දිනය වන විට මිගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකය පමණක් නොව විශේෂ ඩෙංගු ඒකකයේද ඇදන් පිරිගොසිනි.
තතු එසේව තිබියදි නගරාධිපතිගේ පුර්ණ අනුග්‍රහයෙන් මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකතුමන්ලාද නුවරඑළියේ සැප සවාරියකය.
මෙවන් නගර සභා පුවත් අසන්නට ලැබෙන්නේ රටටම මීගමුවෙන්ම පමණි.