News ලංසා පවුල් පාලනයට එරෙහිව පෝරුතොට ජනයා වෙනස් තීරණයක.. By fgamage - 2020 July 23 0 84 FacebookWhatsApp මහමැතිවරණයට ඇත්තේ තවත් සති 2කකටත් අඩු කාලයකි.මැතිවරණ උණුසුම් දිනෙන් දින ඉහල යමින් තිබේ.මිගමුව මැතිවරණ භූමිය අතිශය තිරාණාත්මක මඟක් ගනිමින් තිබේ.එනම් එකම පිළේ ජේෂ්ඨ දේශපාලකයන් රැසක් ලංසා පවුල් පාලනය වෙනස් කළයුතුය යන අදහස පෙරදැරිව වෙනස්ම බලවේගයක් ලෙස දැන් පෙරට පැමිණ තිබේ.් හිටපු ඇමති සරත් ගුණරත්න ,හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා සහ නාගරික මන්ත්‍රී කපිල නන්දසුලෝචන ලංසා පවුල් පාලනයට එරෙහිව මේ වනවිට දේශපාලන ගමනක් අරඹා තිබේ.මේ බලවේගය විසින් අද පෝරුතොට එළිමහන් රැස්විමක් සංවිධානය කර තිබුණි.මෙහිදි අදහස් දැක්වු ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂක මෙරිල් ප්‍රනාන්දු කියා සිටියේ පොහොට්ටුව ආරම්භ කිරිම සඳහා මීගමුවේ මුල්ම අඩිතාලම දැමුඅය ලෙස කපිල සහ සකාවුල්ලා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බවය.ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග ,මෙරිල් පෙරේරා,සහ ඉන්දික අනුරුද්ධගේ ජයග්‍රහණය පතා මෙම රැස්විම සංවිධානය කර තිබුණි.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම පාතාලය මර්ධනය කිරිමට ශක්තිමත් වැඩපිළිවෙලක් ගොඩනගන බවද ඔහු අවධාරණය කර සිටියේය.