ලංසා පවුලේ දේශපාලනයට එරෙහිව ගිය නගර සභා සේවකයන්ගෙන් පළිගැනිම් දිගටම ?

0
69
PHI gunarathan 1
විපක්ෂ මන්ත්‍රිවරයා විසින් චෝදනා එල්ල කරන ලද මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතා

 

ලංසා පුවලේ දේශපාලනයට එරෙහිව ගිය මීගමුව මහනගර සභාවේ සේවකයන්ගෙන් දිගින් දිගටම පළිගැනිම් සිදුවෙමින් ඇතැයි වාර්ථාවේ.නගරාධිපතිවරයාගේ කීමට මෙසේ සේවකයන්ගෙන පළිගැනිම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක වන ගුණරත්න නැමැත්තා බවට මේ වන විට අවස්ථා කිපයකදිම චෝදනා එල්ලවි තිබේ.

මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවියට අදහස් දක්වා සිටි විපක්ෂ නගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ දේශපාලකයන්ගේ ඕනෑඑපාකම් ඉටු කිරිම සදහා නිතිය අතට ගෙන ක්‍රියාකරන නිලධාරින්ට එරෙහිව ගත යුතු සියළුම ක්‍රියාමාර්ග ගැනිමට ඔවුන් දැනටමත්  මුලපුරා ඇති බවය.

එබැවින් එසේ සේවයන්ගෙන් පළිගැනිම් වෙනුවෙන් කරනු සියළු දැනුම් දිම් ලිඛිතවම අදාල නිළධාරියා විසින් දිය යුතුව ඇතැයිද  අදාල නිළධාරින්ට දැනටමත් දන්වා ඇතැයිද අදාල මන්ත්‍රිවරයා තවදුරටත් කියා සිටියේය.
දැනට ලංසා පවුලට ප්‍රබලතම අභියෝගයක් වි ඇති ඉන්දික අනුරුද්ධට සහය පළකළ සේවකයන් කීපදෙනෙකුම යළි යළිත් මෙසේ පළිගැනිම් වලට ලක්ව සිටින බව සැලය.