ලංසා පවුලේ නගරපාලන ශාපයට වැසි කාලයේ වන්දි ගෙවන දළුපත ජනයා !

0
131

IMG-20190924-WA0009මීගමුව නගර ඉතිහාසයේ දුෂිත කාලවකවානුව සනිටුහන් වන්නේ ලංසා පාලනය යටතේ පැවැති දශකයකටත් වැඩි කාල වකවානුවයි.
සකලාකාර දුෂණයන් සියල්ල සිදුව තිබුනේ මේ කාලය තුලය. අනවසර ඉදිකිරිම් ,කප්පම් ගැනිම් හරහා අනිතික ඉදිකිරිම් වලට ඉඩලබාදිම මෙන්ම වැසි ජලය නිසි ලෙස බැස යාම සදහා කාණු සහ ඇල මාර්ග ප්‍රමිතිගත ආකාරයෙන් පිරිසිදු නොකිරිම යනාදි සකලාකාර ශාපයන්ගේ පිඩාව මේ වන විට මිගමුවේ වැඩියෙන්ම විදින්නට සිදුව ඇත්තේ දළුපත  ජනයා වෙතය.
ඒ කිසිදා නිසි ලෙසින් පිරිසිදු නොකරන ලද පෙත්තන් ඇල නිසාය.එක දිගට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දැන් පෙත්තන් ඇලේ වතුරින් නිවෙස් ගණනාවක් පිරි ගොසින්ය. මහවැසි ඇදහැලෙන සැම දිනයකම මේ පිඩාවට පත්වන්නට මේ ජනයාට සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ දායන් ලංසාද මෑතකදි පැමිණි මෙයට විසදුම් දෙනවා යැයි කියා ගියද අදටත් කිසිදු විසදුමක් නැති බවය.