ලංසා පවුලේ මහජන දේපල මංකොල්ලට එරෙහි වුන ජයවීරටත් ජීවිත අනතුරක් .??

0
69

FG attack 10 .jpgමිගමුව තුල දිගින් දිගටම සිදුකරමින් තිබෙන මහජන දේපල මංකොල්ලය පිළිබදව මිගමුවේ සිවිල් සංවිධාන හෝ බදුගෙවන්නෝ නිහඩව සිටිම සැබැවින්ම කණගාටුදායකය.
මේ පසුබිම යටතේ මිගමුවේ මහනගර සභාවේ හිටුප නගරාධිපති ඇන්ටනි ජයවිර ලංසා පවුලේ මේ මහජන දේපල කොල්ලයට එරෙහිව පළමු ප්‍රහාරය පසුගියදා මහනගර සභාවේ මහසභා රැස්විමේදි මතු කර තිබුණි.
එය දරාගත නොහැකි වු තැන මිගමුව නගරාධිති දයාන් ලංසා හැසිරි තිබුනේ එකාධිපති පිස්සෙකු ලෙසිනි.
කාමච්චෝඩේ පිහිටි මහනගර සභාවට අයත් ක්‍රිඩාපිටියක් සා.මරියා පිරිමි විදුහලට තවත් වසර 10 කට බදු දිම පිළිබදව නගරාධිපති දයාන් ලංසා විසින්ම ගෙන එන ලද යෝජනාවට අදාලව හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර එහිදි මතුවිය හැකි ගැටළු සහ පළාත් පාලන නිතියට ආදාල කරුණු මතුකර තිබුණි.
පළාත් පළාන නීතිය ගැනවත් හරිහැටි නොදන්නා චණ්ඩි කම් ගැන පමණක් හොදින් දන්නා නගරාධිපති දායන් ලංසා හිටපු නගරාධිතිවරයාට තර්ජනය කරමින් කියා තිබුනේ ක්‍රිඩා පිටිය බදු දිමට අදාල යෝජනාවේ කිසිදු වගන්තියක් වෙනස් කර ගන්නේ නැති බවය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?,දයාන් ලංසා ඉතා සිටින්නේ මිගමුවේ මහජන දේපල යනු සිය පියාගෙන් පවුලට ලැබුන දායද ලෙසය.
ලංසා පවුලේ මේ මජර දේශපාලනයට අභියෝග කළ අයට පසුගිය කාලය තුල විවිධ තාඩන පිඩන වලට පමණක් නොව ප්‍රහාරයන්ට පවා ලක්වන්නට සිදුවිය.
ලංසා පවුලේ වැඩ දැඩි විවේචනයකට ලක්කළ එජාප නාගරික මන්ත්‍රිවරයෙකු වු දොස්තර හෙන්රිට මහනගර සභා පරිශ්‍රය තුල බිත්තර ප්‍රහාර එල්ලවිය.තවත් නාගරික මන්ත්‍රිවරයෙකු වු කපිල නන්ද සුලෝචනට මන්නා ප්‍රහාරයක් එල්ලවි තිබුනේ ඔහුද දයාන් ලංසාලාගේ නිති විරෝධි කටයුතු අරභයා ප්‍රශ්ණ මතුකර තිබුන නිසාවෙනි.

දයාන් ලංසාගේ කුලි මැරයෝ

මිගමු කලු සල්ලි පවුල් පාලන දේශපාලනයේ නිරුවත නිරන්තරයෙන්ම හෙලි කරන මිපුර පුවත්පතේ කර්තෘවරයාට පොලුපහරක් එල්ලවන්නේ මහනගර සභා භුමිය තුලිදිය.එය ඉතා පැහැදිලි ලෙස දයාන් ලංසා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් විය. එය ක්‍රියාත්මක කර තිබුනේ රු කෝටි 31 ගිණුමේ තිබුණා යැයි කියන මිගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු වන තුෂාන් ක්‍රිෂ්මාල් විසිනි.
ඔහු දයාන් ලංසාගේ සමිපතම ගෝලයෙකි.
මේ චණ්ඩි දේශාපලනයේ ඊළඟ ගොදුර බවට පත්වනු ඇත්තේ මිගමුව හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරය. ඒ ඔහු දැනටමත් ලංසා පවුලේ ඒකාධිපති දේශපාලනයටත් මහජන දේපල මංකොල්ලයටත් එරෙහිව හඩ නගන්නට පටන් ගෙන තිබිම නිසාය.
එබැවින් දායන් ලංසාගේ ඊළඟ මැර ඉලක්කය විය හැක්කේ ඇන්ටනි ජයවීරය.
මිගමුවේ අවසානවක මහත වන්නේ මේ මැරයන්ට ස්ත්‍රොත්ත කියන්නට තරම් දීන වු ඇතැම් කතෝලික පියතුමන්ලාද දැන් මිගමුවේ සිටිමය.
ඒ අතැමෙකුට වඩාත් වැදගත් වන්නේ සිය මිසම් ගෘහයට හැකිතාක් සැපපහසුකම් කලු සල්ලි වලින් වුව සකසාගන්නටය.
ඇත්තටම මිගමුවේ බහුතරයක් පියතුමන්ගේ මේ කළු දේශපාලනයට එරෙහිව මික් කියන්නේ නැත.
නගරයේ සිදුව සකලාකාර ජඩකම් මැරකම් මහජන දේපල මංකොල්ල කෑම ඉදිරියේ දැඩි නිහඩය.
මේ පසුබිම තුල මිගමුවේ මහජන දේපල බේරාගැනිමට කිසිදු සිවිල් සංවිධානයක් හෝ ක්‍රියාත්මක නැත. දුප්පතුන්ගේ ඉඩම් ප්‍රශ්ණය වෙනුවෙන් පෙනි සිටින සංවිධාන පවා මේ මහජන දේපල කෝල්ලය ගැන මුනිවත රකිති