ලංසා පවුලේ වෙළඳ අධිකාරියට එරෙහිව මීගමුවේ සමස්ථ ධීවරයෝ විරෝධයක

0
320
වැල්ලේ කුඩාරම් තනා අඛණ්ඩ විරෝධතාවකට සුදානම්වන අයුරු
වැල්ලේ කුඩාරම් තනා අඛණ්ඩ විරෝධතාවකට සුදානම්වන අයුරු
වැල්ලේ කුඩාරම් තනා අඛණ්ඩ විරෝධතාවකට සුදානම්වන අයුරු
බෝට්ටු ගොඩඇද දමා තිබෙන අයුරු ...
බෝට්ටු ගොඩඇද දමා තිබෙන අයුරු …

3මීගමුව වැල්ල සහ මාළු ලෙල්ලම පාලනය කරනු ලබන්නේ ඇමති නිමල් ලංසාගේ පියා විසිනි.
ඔහු සහ ඔහුගේ සහෝදරයාගේද සහය ලබමින් ක්‍රියාත්මක වන  මීගමුව වැල්ලේ කරවල කර්මාන්තයේ ව්‍යාපාරිකයන් විසින් කරවල සදහා පිට පළාත් වලින් මාළු ගෙන ඒමට එරෙහිව අවස්ථා ගණනාවකදිම මීගමුවේ ධිවරයෝ සිය විරෝධය පළකර සිටින ලදි.
එහෙත් මීගමුව පාලනය කරන්නේ තමන් යැයි සිතන ඇමති ලංසාගේ පවුල මේ කිසිත් ගණන් නොගනි.
පසුගිය දිනවල මීගමුවේ ධීවරයන් හට විශාල මාළු අස්වැන්නක් නෙලා ගැනිමට හැකිවිම නිසා විකුණාගත නොහැකි තත්වයක් ඇතිවුවද ඒවා කරවල සදහා දිමට යාමේදි යළිත් ගැටළු මතුව තිබුනේ මේ පිටපළාත්වලින් ගෙන එන මාළුන් කරවල නිෂ්පාදනය සදහා යොදා ගැනිමය.
මේ තත්වයට ස්ථිර ලෙසින්ම පිළිතුරක් ලැබෙන තුරු සටන් කරන්නට දැන් මීගමුවේ සියළුම ධීවරයෝ තින්දු කර  හමාරය.
ඒ ඔවුන් ඊයේ සිට සියළු බෝට්ටු ගොඩට අදිමින් රැකියාවේ යාම වර්ජනය කිරිමෙනි.
මේ එකාබද්ධ විරෝධතාවය සදහා 2000 කට ආසන්න ධීවරයන් සංඛ්‍යාවක් දැනටමත් එක්ව සිටින අතර අද ( නොවැ 4)
මේ වරෝධතාවයේ දෙවන දවසයි.
වැල්ලේ කුඩාරම් තනා ඒවායේ සිට අඛණ්ඩ උපවාසයක නියැලෙන්නට ධීවරයෝ තින්දුකර සිටිති.
ඇමති ලංසාගේ බලාධිකාරියට එරෙහිව මෙවන් ඒකාබද්ධ අරගලයක් ශක්තිමත්ව මෑත ඉතිහාසය තුල දියත්ව තිබුනේ නැත.

ඡායා-ඩිල්ෂාන් තිසේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here