ලංසා පාලනයේ අකාර්යක්ෂමතාව නිසා රාජපක්ෂ උද්‍යානය වසා දමා මාස 34 ක්

0
67

දශක ගණනාවක් පුරා මීගමුව ජනතාවගේ පරිහරණය සදහා තිබුණු එකම උද්‍යානය මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්යේ අකාර්යක්ෂම පාලනයේ ප්‍රතිඵලයක් ලෙසින් වසා දැමුණේ 2009 ජුලි මස 16 වෙනිදාය.

එතැන් පටන් ජනතාවට මේ උද්‍යානය අහිමිවිය. එ‍ෙහත් මෙය නැවත විවෘත කරගැනිමට මෙතෙක් කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනිමට නගර සභාවේ ආණ්ඩු පක්ෂ පාලනය අපොහොසත්ය. මෙම උද්‍යානය බදු ගත් ආයතනය විසින් මසකට ලක්ෂ 5 ක් ගෙවන්නට පොරොනදුව සිටියද ඒ කිසිදු මුදලක් ආදල කාල සිමා තුල ලබානොදිම නිසා නගර සභාවට අයවිය යුතු මුදල ලක්ෂ 50 ක් ඉක්මවා තිබේ

උද්‍යානය ඔප්පුවේ සදහන් ව තිබුනේ මේ උද්‍යානය කිසිදු මුදල් ඉපයිමකට ඉඩ නොදි මහජනයා වෙත නොමිලේ තැබිය යුතු බවය. එහෙත් හිටපු නරගාධිපති නිමල් ලංසා විසින් මේ උද්‍යානය බදු දිමේ කටයුතු සිදුකර තිබුනි.

වාරථා වන අන්දමට උද්‍යානයේ මුල් ඔප්පුව විනාශ වු බවට පවසා සැකසු අළුත් ඔප්පුවක ආධාරයෙන් මේ ගණුදෙනුව සිදු කර තිබුණි.