ලංසා පාලනය අර්බුදයක! කාවින්ද අඩ තියයිද ?

0
93

nimal - kavindaරට තුල මතුව ඇති අර්බුදය හමුවේ මිගමුවේද මුස්ලිම් මන්ත්‍රීවරු රාජපක්ෂලාගේ පොහොට්ටු දේශපාලනය ගැන ඉන්නේ බරපතල කල කිරිමකිනි.මේ නිසාම කිසියම් තීරාණාත්මක මොහොතක මේ පිරිස පෙරළිකාර දේශපාලන බලපෑමක් කිරිමට පවතින තත්වයන් හමුවේ බොහොදුරට ඉඩ තිබේ.නව පළාත් පාලන නීති රෙගුලාසි ප්‍රකාරව පක්ෂයේ තීන්දුවලට පිටින් කිසියම් අයෙකු ක්‍රියාත්මක වන්නේ නම් පක්ෂයට ඒ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය ඉවත් කිරිමට දැන් ඉඩකඩ ලැබි තිබේ.කෙහෙල් ඇවරියේ මන්ත්‍රීට සිය ධුරය අහිමිවන්නේ මේ අනුවය.ඩෙක්ස්ටර් කෘෘස්ගෙන් හිස්වන මන්ත්‍රිධුරය බොහෝවිට පිරෙනු ඇත්තේ මිගමුවේ කෙහෙල් ඇවරිය ලකුණුනෙන් තරඟ වැද වැඩිම ඡන්ද ගණනක් ලබාගත් හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීවරියෙකු වන කපිල නන්ද සුලෝචනය.ඔහු දැඩි ලංසා විරෝධියකි.ශ්‍රීලනිප සමසංවිධාකයන් ලෙසින් මිගමුවේ කටයුතු කරන්නේ ලලිත් ටෙන්සිල් සහ එම්.සකාවුල්ලාය.මේ අයට හිමි මන්ත්‍රීන් කටයුතු කළයුත්තේ පක්ෂයේ නායකත්වයේ අණසක යටතේ මිස ලංසා පවුලේ නායකත්වය යටතේ නොවේ.මේ සියළු යථාර්ථයන් හමුවේ ලංසා පාලනය මුහුණදිමට සිදුව ඇත්තේ පහසුවෙන් කළමණාකරනය කරගත නොහැකි ප්‍රශ්ණ ගණනාවක් තුලය.මේ තත්වය හොදින්ම දන්නා නගරාධිපති දයාන් ලංසා දැන් ඇතැම් අවස්ථාවලදි කියා සිටින්නේ තමන්ගේ සහයට එජාප මන්ත්‍රීවරින් සිටින බවය.මිගමුවට පැරිෂුට් ක්‍රමයට පක්ෂ නායකත්වය විසින් ගෙන ආ නව සංවිධායකවරයා පිලිබද ලිට්මස් පරික්ෂණය දැන්ය.ඔහු සැබැවින්ම ලංසා පාලනය පෙරලා දැමිමට ඉදිරියේදි කටයුතු කරනු ඇතිද? නගරාධිපති දයාන් ලංසාගේ සමිපතම රාත්‍රි මිතුරෙකු සේ සැලකෙන වෛද්‍ය කාවින්ද ජයවර්ධන සැබැවින්ම ඉදිරියේදි ගනු ලබන්නේ සිය පක්ෂයේ ජයග්‍රහණය කුමන්ත්‍රණකාරි ලෙසින් කප්පම්දි හිමිකරගත් ලංසා පවුලේ පැත්තද එසේත් නැතිනම් මිගමුවේ සැබෑ එජාප පාක්ෂිකයාගේ පැත්තද