ලංසා මීගමුවේදි ඇන ගනී ! මහින්ද ඇතුළු ඒකාබද්ධෙ කලබල වෙයි ! සරත්ටත් මළ පනී !

0
66

NImal lansa denguමීගමුව ශ්‍රිලනිප ආසන සම සංවිධායකධුරය අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල අතින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා ලබාගැනිමත් සමගින් මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකබද්ධ විපක්ෂයේ ගම්පහ දේශපාලකයන් සියල්ල කලබලයට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ සියළු දෙනාම කෙසේ හෝ සකාවුල්ලාගේ පිල්මාරුව නවතා ගැනිමට මහත් සටනක් දි තිබුන බව සැලය.සකාවුල්ලා වෙත ලැබෙමින් ඇති මේ ඉල්ලිම් නිසාම මේ වන විට ඔහු සිය ජංගම දුරකථනයට වසා දමා ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර මීගමුව පොහොට්ටුව වෙනුවෙන් මුලික වගකිමක් දරමින් කටයුතු කරන හිටුප ශ්‍රිලනිප සංවිධායක හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න සිය ආසනය තුල අපෙක්ෂක ලයිස්තු සැකසිම සදහා ඇමති නිමල් ලංසා විසින් විවිධ බලපෑම් එල්ල කරමින් තිබිම ගැන සිය විරෝධය තම පක්ෂ ක්‍රියාකාරින් හටද දන්වා ඇත.
මීගමුව තුල පොහොට්ටුව ගොඩනැගිමට මුලික වගකිමක් ගෙන කටයුතු කළ පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලා මෛත්‍රි පිලට යෑමට ප්‍රධාන හේතුව ඇමති නිමල් බව දැන් මීගමුවේ පොහොට්ටු ක්‍රියාකාරින් තුල ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.
සකාවුල්ලා යනු මහින්ද පිළට සිටි එකම මුස්ලිම් පළාත් සභා මන්ත්‍රිවරයාද වෙයි.