ලංසා මෛත්‍රිගේ ඔඩොක්කුවේ ඉද්දි මිගමුවේ පොදු ජන පෙරමුණ හදපු හැටි මෙරිල් කියයි ….( විඩියෝ )

0
63

IMG_20200723_210704ලංසා පවුල් පාලනයට එරෙහිව මේ වන විට දැවැන්තම විරෝධය මතු වෙමින් ඇත්තේ පොදුජන පෙරමුණ තුලිනි. සමගි ජනබලවේගෙ කාවින්දගේ කොන්ද පණ නැති පතෝල නායකත්වය  හමුවේ නිදිකිරිවැටෙමින් තිබේ.
එජාපයෙන් මිගමුව ට තරඟ වදින් ගිහාන් බෙන්ජමින්ලාද ලංසා පවුල් පාලනයට එරෙහිව තිරාණාත්මක විරෝධයක් පසුගිය කාලය තුල ක්‍රියාවෙන් පෙන්වා නැත.
ප්‍රදිප් පිරිස් යනු කාවින්ද ජයවර්ධන විසින් ඇටුව බඩියක් මිස අන් කිසිවෙක් නොවේ.
මේ පසුබිම තුල මිගමුව හප කොට විනාශ කරන මජර දේශපාලන පවුලකට එරෙහිව මේ වන විට දැවැන්තම තිරාණාත්මක සටන පොදු ජන පෙරමුණ තුලින්ම ක්‍රියාත්මක වි තිබේ.
පවුලකට නතු වු පාලනයක් වෙනස් කළ හැකි වැඩිම ඉඩ කඩක් මේ පසුබිම තුල දැන් මිගමු දේශපාලනය තුල නිර්මාණය වෙමින් තිබේ.
මිගමුව සහ ගම්පහ පෙරටුකොට ගත් පොහොට්ටු නායකයන් දැන් ලංසා පවුලේ ඩීල් දේශපාලනය ගැන එළිපිටම කථා කරති.
මෙහිදි වඩාත් වැදගත් හෙළිදරව්වක් පසුගියදා පෝරුතොට දි පැවැති රැස්විමකදි ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂක මෙරිල් ප්‍රනාන්දු විසින් සිදුකරන ලදි.,එහිදි ඔහුගේ කතාවේදි ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේ මිගමුව තුල පොදුජන පෙරමුණ ගොඩනැගිමට මුල්ම අඩිතාලම දැමු දේශපාලකය් වි තිබුනේ කපිල නන්ද සුලෝචන සහ සකාවුල්ලා යැයි කියාය.
2016 මාර්තු මාසයේදි නිමල් ලංසා මෛත්‍රිගේ ඔඩොක්කුවේ ඇමතිවරයෙකු මේ වැජඹෙද්දි කපිලත් සකාවුල්ලාත් මිගමුව පෙරියමුල්ලට මුස්ලිම් ජනයා හමුවිමට ගොඨාබය රාජපක්ෂ කැදවාගෙන ආවේය.
එය පොහොට්ටු දේශපාලනයට අදාලව මිගමුව තුල හැරවුම් ලක්ෂයක් යැයි මිපුර අමතා අදහස් දැක්වු මුස්ලිම් වියතෙකු කියා සිටියේය.