මීගමුව මහනගර සභාව රටේ සෙසු නගර සභා අතර තවත් එක් මහ නගර සභාවක් පමණි. මහ නගර සභා ආඥා පනත අනුව එය පාලනය වුවත් අපේ මහ නගර සභාව සම්පුර්ණ ස්වාධින නැහැ. අපි මහා ආණ්ඩුෙව් රෙගුලාසි වලට යටත් බස්නාහිර පළාත් සභාවට යටත් ඒවගේම නාගරික සංවර්ධන අධිකාරියටත් අපි යටත්.
එම අධිකාරියේ ඍජු පාලනයට යටත්ව තමයි නගරයේ ඉදිකිරීම් කරන්න ඕනැ. නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමතිවරයාව සිටි ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් 1982/අංක 4 දරණ නගරික සංවර්ධන අධිකාරී පනතෙත් එතුමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව 2005 මැයි 19 වනදා මීගමුව මහ නගර සභාව සඳහා වන සංවර්ධන සැලැස්ම අනුමත කර ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා
ඒ අනුව කටයුතු කිරීමට අප බැදී සිටිනවා. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී ගරු නගරාධිපත්වරයා ,නාගරික කොමසාරිස් ,නාගරික ඉංජිනේරු ,නාගරික මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නාගරික සංවර්ධන අධිකාරියේ බලය ලත් නිලධාරියකුගේ සහභාගිත්‍වයෙන් රැස්වන කමිටුවක් මගින් නගරයතුළ ඉදිකරන්නට යෝජිත අයදුම්පත් පිළිබඳව සලකා බලා එවැනි සැලසුම් වල යම් වෙනසක් කිරීමට ඇත්නම් ඒ ගැන අයදුම්කරු දැනුවත් කිරීමට කටයුතු කිරීම හෝ අදාළ නියෝග සපුරා ඇත්නම් ඒ සඳහා වන අනුමැතිය ලබා දෙනවා.නැත්නම් ප‍්‍රතික්‍ෂේපකරනව.
එවැනි අවසරයකින් පසු අයදුම්කරුට ඉදිකිරීම ආරම්භ කිරීමට හැකිය. එසේ අනුමත වූ ගොඩනැගිලි සැලැස්මඅනුව ඉදිකිරීම් නිමකළ පසු එම ගොඩනැගිල්ල භාවිතයට ගන්නට පෙර අයදුම් කරු විසින් පදිංචි සහතිකයක් හෙවත් ක්‍ගධගක් ලබාගතයුතු වෙනවා. ඉදිකිරීම් නිම කළ බව අයදුම්කරු දැනුම් දුන් පසු පරීක්‍ෂාකර බලා අදාළ පදිංචි සහතිකය නිකුත් කරනු ලබන අතර ගොඩනැගිලි භාවිතයට අදාළ වරිපනම් ගාස්තු ගෙවීමට නියමකරනවා එම බලපත්‍රය යටතේ තමයි එකී ගොඩනැගිල්ලට විදුලිය හා ජල සෑපයීම් ලබාගතහැකිවන්නේ.
මෙම ක්‍රියාවලිය මගහැර වෙනත් විකල්ප මර්ගයොදාගෙන
නව ගොඩනැගිල්ලක් ඉදිකරන්නට හෝ ගොඩනැගිල්ලක වෙනසක් කිරීමට හෝ අළුත් කොටසක් එක්කරන්නට හෝ පදිංචි වන්නට අවසරයක් නෑ .
නමුත් යම් නිලධාරියකුට හෝ නිලධාරීන් කිහිපදෙනකුට හෝ ඉහතකී ගොඩනැගිලි ඉදිකිරීම් අනුමැතිය සඳහා රැස්වන පරීක්‍ෂක මණ්ඩලය නොමගයැවීම සඳහා කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. එවැනි නොමගයැවීමක් කරන්නෙ හිතාමතා ය. අහඹු සිදුවීමක් නොවේ. අල්ලසක් හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදුවන්නට පුළුවන.
පුද්ගලික සම්බන්‍ධතාවයක් නිසා හෝ දේශපාලන සම්බන්‍ධතාවයක් නිසා හෝ යම් යම් වරදාන ලබා ගැනීම් මෙයට හේතු වන්නට පුළුවන්.
හේතුව දන්නේ එම ක්‍රියාවට සම්බන්‍ධවන නිලධාරින් පමණයි. ඒ සියල්ල හරහා සිදුකරනුයේ දුෂණයක් ය. වංචාවක් ය.
මෙවැනි නොමගයැවීමක් හරහා අන් අයකු සතු දේපල කොල්ල කෑමක් රටේ පුරවැසියකුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් පරිසර දුෂණයක්
රජයේපොදු නීතිය උල්ලංඝනය කිරීමක් හෝ මහ නගර සභාව සතු දේපල කොල්ලකෑමක් සිදුවන්නට පුළුවන් එය කවරාකාර වුනත් දුෂණයක් / වංචාවක්නම් එයකළ පුද්ගලයා හෝ පුද්ගලයන් කවුරු උනත් ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතිය අනුව දඩුවම් ලැබිය යුතුයි .
එවැන්නන් නීතිය හමුවට පැමිණවීම අපගේ වගකීමක්.
එවැනි දුෂණ වලක්වන්නට තමයි පර්ලිමේන්තුව අන පනත් සම්මතකර තිබෙන්නේ. මහ නගර සභා ආඥා පනත තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරීපනත තියෙන්නේ සෞඛ්‍ය සේවා පනත් ,පරිසර නීති ,ඉදිකිරීම් නීති ,ගිණි නිවාරන නීති,සම්මත කරල ා, ඒවා ක‍්‍රියාත්මක කරවන්නට තමයි නිලධාරීන් යොදවල තියෙන්නෙ. එවැනි නිලධාරියකුගෙන් යම් අඩුපාඩුවක් වෙනවා නම් ඒවා විමසා බලන්න තමයි බලධාරීන් හෙවත් නගරාධිපති ඉන්නේ.
යම් අපහරණයක් දුෂණයක් කර තිබෙනවා නම් අපි කොහොමද ක්‍රියා කරන්න ඕන? වැරැද්ද බලධාරියාගෙ වුවමනාවට නිලධාරියා කළා නම් ?ඒ සදහා අන පනත් තිබෙනවා. ඒ අනුව දඩවම් ලැබිය යුතු වැරදි කර ඇති හෝ මෙම සභාව නොමග යැවු හෝ නිලධාරීන් /බලධාරීන් සිටිනවානම් ඒ අයට නිදහසේ කටයුතු කරන්නට ඉඩ දුන්නොත් අනික් නිලධාරීන් ඒවා අනුගමනය කරන්න ඉඩ තියෙනවා.
ඒවා වැලැක්වීම අපේ යුතුකම හා වගකීම වෙනවා.
මෙම ගරු සභාවට කියන්න කැමතියි මෙම සභාවේ සමහර නිලධාරීන්හා සමහර දේශපාලන බලධාරීන් එක්ව එවැනි නොමග යැවීමක් සිදුවී කර තිබෙන බව
දේශපාලන බලපෑමට නතුව නිලධාරියකුගේ වගකීම දැන දැනම උල්ලංඝනය කළ අවස්ථාවක් හා එවැනි දුෂිත ඉදිකිරීමක් ගැන සොයා බලන්න අපක්‍ෂපාතී කමිටුවක් පත් කරමු යයි අපි මෙම සභාවට යෝජනා කරනවා. මෙම සිද්ධියට සම්බන්‍ධ ස්ථානය මීගමුව නගර මධ්‍යයේ ග‍්‍රීන්ස් පාරේ වරිපනම් අංක 104 දරන ස්ථානයේ එම්.ආර්.නිවාස් නමැත්තාට අයිති පර්චස් 12 ක ඉඩමේ හෝටල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් පසු නැවත නවීකරණය කිරීමේදී මෙම සභාව නොමග යැවීමක් සිදුකර ඇති බවට තොරතුරු ඇත.
වත්මන් ‘‘රහිමියා හොටල් ගොඩනැගිල්ල’’ තට්ටු දෙකේ සිට තට්ටු හතර කර වෙනස්කම් සහිතව කළඉදිකිරීම් වලදී මෙම දුෂිත සිද්ධිය සිදු වී තිබෙනවා. මෙම හෝටලය ඉදිකර ඇති භූමිය 1993/7/19 වන දින උගීග පෙරේරා මිණින්දෝරු තැන විසින් මැන සකස් කළඅංක2208/ ් සැලැස්ම අනුව ලොට් අංක 10 න් 1993/11/21 දින එම මිණින්දෝරු තැන විසින් ම නැවත බෙදා වෙන් කළකැබලි අංක 10් සහ කැබලි අංක 10ඊ යන කොටස් දෙකෙන් පර්චස් 12 ක් ඇති ලොට් 10්රහිමියා හෝටල් භූමිය බව එකී සැලසුම පරීක්‍ෂාකිරීමෙන් සනාථවේ.
එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සැලසුම් 2ක් අවස්ථා දෙකකදී ඉදිරිපත් කර ඇත. ප්‍රථම පියවර ලෙස ඊ්/124/2004 වශයෙන් තට්ටු දෙකක් ගොඩනැගීම සඳහා ඉදිරපත් කර තිබුනි. දෙවන පියවර ලෙස ඊ්/49/2007 වශයෙන් වෙනස්කම් සහිතව තට්ටු හතරක් දක්වා ඉදිකරන්නට නැවත අයදුම් පතක් ඉදිරිපත් කර තිබුනි.
මෙම ඉදිකිරීම් දෙකම සදහා පෙර සැරි නිර්දේශ ලබාදුන් කාර්මික නිලධාරියා රන්මුතුපුර මහතාය.සෙසු නිලධාරීන් අවශ්‍ය වෙනස් කම් කරන්නට නියම කර තම වගකීම් ඉටුකර ඇති බව පෙනෙන නමුත් පහත සඳහන් ගැටලූ ද පවතී.
එම වර්තාවන් පදනම් කරගෙන නාගරික ඉංජිනේරු , මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, නා.සං.අ.සැලසුම් නිලධාරි, ගිණි නිවාරණ නිලධාරී, නාගරික කොමසාරිස් හා ගරු නගරාධිපති තුමා ඉදිකිරීම් අවසරය ලබා දී ඇත.නමුත් එම අයදුම් පත අනුමැතියේ දී මාර්ගයේ පළල හා පාරේ මධ්‍ය ලක්‍ෂයේ සිට ගොඩනැගිලි ඉදිකිරීමට නියමිත සීමා වැරදි ආකාරයට සටහන් කර කාර්මික නිලධාරි රන්මුතුපුර මහතා මෙම සභාව නොමග යවා ඇත.
2004 ඉදිරිපත් කළ ඊ/124/2004 අයදුම් පතේ ග‍්‍රින්ස් පාරේ පළල අඩි 40 කුත් වීථි රේඛා සීමාව මධ්‍ය ලක්‍ෂයේ සිට අඩි 40 කුත් සටහන් කළකාර්මික නිලධාරියා රන්මුතුපුර මහතා.2007 ඉදිරිපත් කළ ඊ/49/2007 අයදුම් පතේ ග‍්‍රින්ස් පාරේ පළල අඩි 30 කුත් වීථි රේඛා සීමාව මධ්‍ය ලක්‍ෂයේ සිට අඩි 25 කුත් සටහන් කළකාර්මික නිලධාරියා ද රන්මුතුපුර මහතා ය. ඒ හරහා යෝජිත ගොඩනැගිල්ල වීථි රේඛාවට වඩා අඩි 15 ක් ඉදිරියට ගෙන එන්නට ඉඩ දීම පමණක් නොව මෙම සභාව නොමග යැවීමක්ද කර ඇත.මෙය නොදැන කළ වැරදීමක් ද? හිතාමතා කළ නොමග යැවීමක් ද?
එහෙත් මෙම නොමග යැවීම ගරු නගරාධිපතිවරයා හා සෙසු නිලධරයන් ට වටහා ගැනීමට නොහැකි වූවා ද? එසේ නොමැති නම් ඔවුන් ද දැනුවත්ව නොදන්නා ලෙස හැසිරී මෙම දුෂණය සිදුවන්නට ඉඩ කඩ සලසා දුන්නාද?
යෝජිත ගොඩනැගිල්ල ඉදිරිපිට වාහන 2 ක් නවත්වන්නට ඉඩකඩ වෙන්කර ඇති බව සැලැස්මේ පෙන්වා ඇතත් එවැන්නක් අද නැත.
වාහන 5 ක් නැවැත්වීමට ඉඩකඩ සැලසීම හෝ එසේ නොමැතිනම් වාහන 5 සඳහා රුපියල් ලක්‍ෂ 5 ක තැන්පතුවක් ලබා ගත යුතු තැන, මුදල් ලබාගෙන ඇත්තේ වාහන 2 ක කට පමණි.ගොඩනැගිල්ල ග‍්‍රීන්ස් පාරේ මායිම දක්වා ඉදිකර ඇත.
වැසිකිලි මළාපවාහන හෝ අපවිත‍්‍ර හෝ වැසි ජලය භූගතව රැුස් කරන හෝ ඉවත් කරන හෝ මුදා හිරින ක‍්‍රමවේදයක් ගොඩනැගිලි සැලසුම් වල දක්වා නැත. ඒ ගැන පරීක්‍ෂා කළ වගක් අයදුම් පත‍්‍රයේ සටහන් වල දක්වා නැත. එසේනම් අනුමැතිය ලැබුණේ කෙසේ ද? ගොඩනැගිල්ල පිටුපස අඩි 7 1/2 ක නිදහස් තීරුවක් තැබිය යුතු වුවත් අද එවැන්නක් නැත. එම තීරුවේ ද ගොඩනැගිල්ලකි.නාගරික සංවර්ධන අධිකාරී නියෝග උල්ලංඝනය වී ඇති මෙම ගොඩනැගිල්ල සඳහා පදිංචි සහතිකය නිකුත් කර තිබේ ද? ඒ කවදා ද?එසේ නිකුත් කිරීමට නිර්දේශ කළේ කවුද? එම නිර්දේශයන් සටහන්ව නැත්තේ ඇයි?
මෙම චෝදනා විමසා බලන්න කමිටුවක් පත් කරන්න කියා ඉල්ලන්නේ ඒ නිසා ය. මීගමුව මහ නගර සභාවට සම්බන්‍ධ නැති විද්වත් පරීක්‍ෂක කමිටුවක් පත් කරන්න කියා මම යෝජනා කරනවා වගේම ඉල්ලීමක් ද කරනවා.
ඉහත අප විසින් දක්වා ඇති තොරතුරු මගින් සනාථ වන එක් කරුණක් වේ .
එනම් ඉහත විස්තර කර ඇති සියලු වංචා පිටුපස ඇති කප්පම් මුදල් කොපමණක් විය හැකිද ?