Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

ලංසා හිතවාදින්ගේ පෝරුතොට වැල්ලේ කානිවල් එක පොලිසියෙන් නවතා දමයි !

අද ( 12 ) සිට 16  වෙනිදා දක්වා පැවැත්විමට නියමිත පෝරුතොට වැල්ලේ කානිවල් එකට  අවසර ගැනිම් සහ දැනුවත් කිරිම් නිසි ලෙසින් සිදුකර නැතැයි හෙළිවේ .

කිඩ්ස් කානිවල් ඇන්ඩ් ෆුඩ් ෆේස්ටිවල් ලෙසින් නම් කර ඇති මෙම කානිවල් එකට මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට ,  නගරික කොමාසරිස්වරියට  හෝ ප්‍රාදේශිය ලේකම්වරියට මේ ගැන කිසිදු අවසරයක්  හෝ දැනුම් දිමක් කර තිබුනේද නැත .
වෙරළ සංරක්ෂණයට මුදල් ගෙවිම් සිදුකර තිබුණද පැවැත්වෙන කානිවල් එකේ මුලිකාංග වලට අදාල ඇති සුදානම ගැන ගැටළු රැසක් මතුව තිබුණි

         එලෙසම මෙය ෆුඩ් පෙස්ටීවල් එකක්  පිළිබඳව කියැවෙන වෙළඳ ප්‍රචාරණ ආදිය  අන්තර්ජාලය තුළ ප්‍රචාරණය වන නිසා ම, එවැනි සැණකෙළියක් පවත්වන්නට පෙර එහි සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සහතික විය යුතුව ඇත.

මේ සදහා ලබා දි ඇති ප්‍රචාරයන් වලදි විදේශිය රටවල ආහාර වට්ටෝරු ගැනද සදහන්ය. ඉන් අදහස් කරන්නේ මේ කානිවල් එක සදහා විදේශියන්වද ඉලක්ක කරගෙන කටයුතු සැලසුම් කර ඇති බවකි.
තතු එසේ නම් අනිවාර්යෙන්ම මේ ආහාර වල ප්‍රමිතිය සහ අදාල පරිශ්‍රය සකස් කිරිම මුලිකත්ම කරුණක් වේ.
එහෙත් මේ සදහා මෙම සංවිධාකයන්ට කිසිදු අවධානයක් යොමුකර ඇති බවක් නොපෙනේ .

ලංසා හිතවාදින් පිරිසක් විසින් මේ අකාරයට පරණ පුරුද්දට මෙන් කරන්නට හැදු මෙම කානිවල් එකේ නිති විරෝධි බව හෙළිදරව් විමෙන් පසු කොච්චිකඩේ පොලිසිය විසින් එය නවතා දමා තිබේ

කානිවල් එක සදහා රැගෙන විත් තිබුණ අයිතමයන් ගලවා දමා පිටත් යාමට සුදානම් වන අයුරු .

මින් කියැවෙන්නේ කුමක්ද ? මිගමුවේදි නීතියට උඩින් තවමත් පවුලක පාලනය ඇති බව නොවේද ?

- Advertisement -
Exit mobile version