ලක්බිමේ මව්වරු නිදහස් සාධාරණ මැතිවරණ ව්‍යාපාරය හා එක්වෙති.

0
103

එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ ඡන්දය භාවිතා කිරීමේදී විශාල වශයෙන් බලපෑම්වලට ලක් වෙන්න සිදු වුණා. අදත් එහෙමයි, අද හමුදාව ඉන්නවා. අද රජයේ විවිධ උපක‍්‍රම තියෙනවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ නිරන්තරයෙන්ම ඔවුන් ඡන්දය ගැන බියකිනුයි පසුවෙන්නේ.  ඔවුන් සමග පසුගිය වකවානුවේදී කරන ලද සාකච්ඡාවලදී මම ඉතාම පුදුමයට පත්වුණු කාරණයක් තමයි ඔවුන් සිතාගෙන ඉන්නවා ග‍්‍රාම නිලධාරීවරයා තමයි ඔවුන්ගේ ප‍්‍රධානියා කියලා. ඡන්දය ප‍්‍රකාශ කිරීමට සහභාගී වෙනවාද? නැද්ද? කියන කාරණය ඔවුන්ගෙන් ඇහුවාම ඔවුන් කියනවා ග‍්‍රාම නිලධාරීවරයාගෙන් අහලා එන්නම් කියලා… (නිමල්කා ප‍්‍රනාන්දු )578996_622677971109003_1725023641_n1173626_622678897775577_1871496476_nsampath

…මැතිවරණ ප්‍රචාරක කාල සීමාව තුළ ජනාධිපතිවරයා එම ප්‍රදේශවල සංචාරය කරමින්  සංවර්ධනය ව්‍යාපෘති විවෘත කිරීම විශේෂයෙන් මේ අවස්ථාවන්වලදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවා සංවර්ධනය ඉදිරියට පවත්වා ගැනීමට නම් පළාත් සභාවේ බලය ඔවුන්ට ලබාදෙන ලෙස. ඒවාගේම මෙම අවස්ථාවන්ට ජනාධිපතිවරයා නියෝජනය කරනු ලබන පක්ෂයේ අපේක්ෂකයන්ද සහභාගී වු ආකාරය අපි දැක්කා.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සමගාමීව මෙම ප‍්‍රදේශවල පැවැත්වූ රජයේ විවිධ රාජ්‍ය උත්සව සදහා රජයේ අමාත්‍යවරුන් සහභාගීවෙන ආකාරය අපිට දකින්න ලැබුණා. ඒවගේම ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයින්ද ඒවාට සහභාගී වූ ආකාරය අපි දැක්කා…. (සම්පත් පුෂ්පකුමාර)

පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සදහා ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධායන සහ නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය එක්ව මෙවර ජංගම නිරීක්ෂක නිරීක්ෂිකාවන් 220 පමණ යොදවන අතර ඉන් වැඩි පිරිසක් කාන්තාවන්ය. මේ ක‍්‍රියාවලිය සහ පළාත් සභා මැතිවරණය පිළිබද දැනට වාර්තා වී ඇති නිරීක්ෂණනයන් ඉදිරිපත් කිරීමට අද පැවැති මාධ්‍ය හමුවේදී ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ නීති උපදේශිකා නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ නීතිඥ සම්පත් පුෂ්පකුමාර සහ ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ කැදවුම්කාරිය පද්මිනී වීරසිංහ අදහස් දැක්වූ හ.

www.samabima.com