ලක්ෂ දෙකාමාරකට මිණියක් මරපු කල්ලියක්..?

0
81

tudalla 1ජාඇල නගරයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කිරීමට කුඩා යතුරුපැදියක යමින් සිටි වැඩිහිටි ව්‍යාපාරික යුවළක්‌ පසුපස යතුරුපැදිවලින් පන්නාගෙන පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් 4 දෙනකු දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී ව්‍යාපාරිකයාට පහරදී වෙඩි තබා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත්කරමින් පලා ගොස්‌ ඇත.

ඊයේ (28 ) පෙරවරු 8.50 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ අතර කොල්ලකරුවන්ට ව්‍යාපාරිකයා සතුව තිබූ මුදල් කොල්ල කෑමට හැකිවී නැත. ව්‍යාපාරිකයාගේ බිරිඳ කොල්ලකරුවන් සමග පොර බදා රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදල් සහිත පාර්සලය බේරාගෙන ඇත.මෙම ප්‍රහාරයෙන් මියගොස්‌ ඇත්තේ ජා-ඇල පදිංචිකරුවකු වන 72 හැවිරිදි අයිලෙක්‌ස්‌ පෙරේරා මහතාය. වෙඩි ප්‍රහාරයට ලක්‌වූ ව්‍යාපාරිකයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ තිබේ.