ලක්ෂ 17 බොරළු මගඩිය කථා කරද්දි නැගිට ගිය විපක්ෂයේ මන්ත්‍රීවරු කව්ද?

0
57
     මීගමුව වැල්ලවීදිය බාල්දි ක්‍රීඩාපිටියට බොරළු පිරවීමට රුපියල් ලක්ෂ් 17 මුදලක් වියදම් කිරිමට මීගමුව  නගර සභා මුදල් කාරක සභා අනුමැතිය යටතේ මීගමුව නාගරික කොමසාරිස්වරියා අනුමැතිය ලබාදී ඇත.මෙම පිට්ටනියට ලක්ෂ 17 වැයවේදැයි යන්න කොහෙත්ම කිව නොහැකිය.මේ වන විට එම ක්‍රිඩා පිටියට බොරළු දමා ඇති අතර එම ක්‍රීඩා භූමියේ 3න් එකක්වත් බොරළු අතුරා නොමැත.මේ සම්බන්ධව  ගියවර කාරක සභා  රැස්වීම අතරතුර එජාප මන්ත්‍රීවරු බෙදීමක් ඉල්ලා ඇති  අතර එම අවස්ථාවේ නගරාධිපති තුමා එය ප්‍රතික්ෂේප කර ඇත.එම ඉල්ලීම කරන අවස්ථාවේ එජාප නාගරීක මන්ත්‍රීවරු 3 න් එම ස්ථානයේන් නැගිට ගොස් තිබේ. එම මන්ත්‍රීවරුන් වන්නේ රවී ජීවානන්ද  සහ දමිළ ජනයා නියෝජනය කරන සජිත් මොහන් මහතා හා  නීතීඥ නිශාන්ත මහතා වේ.