”ලක්ෂ 2 කින් මොනවද කරන්න පුළුවන් මහත්තයා.”නස්මියාර් මන්ත්‍රි කොමිස් ගැන කියයි ?

0
69

මේ  දිනවල මීගමුව මහනගර සභාවට අදාල ව මතුව ඇති ලොකු සංවාදයකි. ඒ මන්ත්‍රිලාගේ කොමිස් ගැනය.පහත පළවන්නේ මීගමුව එජාප නගාරික මන්ත්‍රි නස්මියාර් සමගින් පැවැති සාකච්ජාවකි.
ඔහු මුදල් කාරක සභාවේද සාමාජිකයෙකි.
nasmier mp
7දැන් පුස්තකාලයක් හදන්න යනවානේ නගර සභාවෙන්
, ඒ සම්බන්දව පහුගිය දවස් වල ඔබ තුමා සම්බන්ද වෙච්ච මුදල් කාරක සභාවේදී සාකච්ඡා වුනාද ඒ ගැන?

ඔව්. ඒ අය ණයක් ගන්න යනවා. ඒ ණය අවුරුදු 2කට පස්සේ තමයි ගෙවන්න ඕනේ. අවුරුදු 2 ඇතුලත ගෙවන්න ඔනේ නැහැ. පුස්තකාලය හැදෙන්නේ උඩ තට්ටුවේ පහල තට්ටුවේ වෙනත් බැංකු වගේ දේවල් පවත්වන්න පුළුවන්, කඩ නෙවෙයි ඒ ගැන තීරණය කරන්නේ නගර සභාවෙන්. අපි ඒ ගැන නගරාධිපතිතුමාගෙන් ඇහුවා.එතුමා කිව්වේ පහල කොටස බැංකුවකට වගේ දුන්නහම අවුරුදු දෙකකින් මේකේ වැඩ නිමකරලා ඒ පහල කොටස බදු දීමෙන් ලැබෙන ආදායමෙන් ණය ගෙවන්න පුළුවන් කියලා. එතකොට නගර සභාවෙන් ගෙවන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා කියලා. නමුත් අපි තාම ඒක ස්ථීර කරේ නැහැ.

මන්ත්‍රීත්‍රමා දැන් ගන්න යන මුළු ණය මුදල කොච්චරක්ද?

සේරම කෝටි 16ක්.

ඒ කියන්නේ මිලියන 160 ගාණක්. එතකොට පුස්තකාලය හදන්න ඇස්තමේන්තුව කොච්චරක්ද?

කෝටි 20ක් යනවා කියලා තමයි කියන්නේ. ඒකෙන් 80%ක් පළාත් සභාවෙන් 20%ක් නගර සභාවෙන් , ඒ විදියට තමයි එයාලා කරන්න හදන්නේ.

දැන් එතකොට නගර සභාව මේ වෙනකොට විශාල ණය දෙකක් ගෙවමින් ඉන්නවානේ. එකක් තමයි ආනන්ද මුණසිංහ මහත්තයා ඉන්න කාලේ ගත්ත ණයක් තාම ගෙවනවා. ඊට අමතරව නිමල් ලාංසා නගරාධිපතිව ඉන්න කාලේ පාරවල් හදන්න ගත්ත ADB ලෝන් එක තාම ගෙවමින් ඉන්නවා. එතකොට මේ ණය මුදල මම හිතන්නේ මාසෙකට ලක්ෂ 20කට වැඩි මුදලක් ගෙවන්න වෙනවා වාරිකය.

පුස්තකාලයක් කියන්නේ මීගමුවට අද නෙවෙයි එදා චන්ද්‍රිකා මැඩම් ඉන්න කාලේ ඉදන් ට්‍රයි කරපු එකක්. අපේ මතය මේක හොද වැඩක් කියලා. නමුත් මේකේ වැරදි මොනාහරි තියෙනවානම් අපි විරුද්ද වෙනවා.

පුස්තකාලයක් අවශ්‍යබව පැහැදිලියි. ඒ පවරගත්ත ඉඩම සම්බන්දයෙන් ඇති නඩු කටයුත්ත නිසා ඒ ඉඩමේ පුස්තකාලයක් කරන්න ඕනා. නමුත් මන්ත්‍රීතුමා ගැටළුව තියෙන්නේ මන්ත්‍රීතුමන්ගා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා හැටියට දුගෙවන ජනතාව වෙනුවෙන පෙනි සිටින අය හැටියට , ඒ වගේම ඊළගවාරයේ නගරසභාව පාලනය කරන්න ඉන්න අය හැටියට , මේ විදියේ විශාල ණයක්?? උදාහරණයක් විදියට මේ වෙනකොට යහපාලන ආණ්ඩුවට එල්ලවෙලා තියෙන ප්‍රධානතම ප්‍රශ්ණය වෙන්නේ පසුගිය මහින්ද රාපක්ෂ සමයේ කරපු අදූරදර්ශී මුදල් කළමණාකරනය, අද ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙනවා යහපාලන රජයක් බිහිකරන්න කැප කරපු මිනිස්සුන්ට. ඒ විදියට ගත්තහම දැනටමත් විශාල ණය දෙකක් ගෙවමින් තියෙද්දීත්, නගරසභාව යන්නේ බැංකු අයිරාවක් උඩ වෙද්දීත් , අවුරුදු 2කට පස්සේ ලක්ෂ 20 ගාණේ ගෙවන් වෙනවා කියන්නේ ඒ වෙද්දී UNP ආණ්ඩුවක් ආවොත් UNP ආණ්ඩුවට විශාල වගකීමක් පැවරෙනවා මේණය ගෙවීම සම්බන්දව. බැංකු අයිරාවක් මත යන නගර සභාවට මසකට ලක්ෂ20 ගෙවීම ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් වගේම ලක්ෂ 1600ක් වගේ විශාල ණයක් අරගෙන පුස්තකාලයක් හදන්න තරම් අවශ්‍යතායක් තියෙනවාද කියලා ප්‍රශ්ණයක් තියෙනවා.

දැන් කොච්චිකඩේ පුස්තකාලය හදන්න කීයක් වියදම් වුණාද මන්ත්‍රී තුමා?

ඒකටත් ලොකු මුදලක් වියදම් වුණා. ඒකෙදී පොඩි පොඩි ප්‍රශ්න වගයක් ආවා. ඒක උඩ හැදුවහම වයසක අයට පොත් කියවන්න අමාරුයි. ඒ වගේ ප්‍රශ්ණ අපි ඒවට විරුද්ධ වුණා. ඒ ගැන ප්‍රශ්ණ කලා. ඒවා විසදනවා කිව්වට විසදුමක් තාම නැහැ.

දැන් කොච්චිකඩේ පුස්තකාලය සම්බන්දව ආපු ගැටළුවම නේද මෙතනදීත් එන්නේ. මේ පුස්තකාලය තියෙන්නේත් උඩ. ඒ වගේම පහල තියෙන්නේ ව්‍යාපාරික ස්ථාන ?

ඒක උඩ කිව්වට අපිට ඒක තීරණය කරගන්න පුළුවන්. මේ අය කියන්නේ ටිකෙන් ටික ණය දෙන්නේ එකපාර කෝටි 16 දෙන්නේ නැහැ. හදමින් යද්දී තමයි ණය දෙන්නේ. අපි ඇහුවා ඔයාලා නගරසභාවේ ඉද්දී මේක ක්‍රමාණුකූලව කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒ පිලිබදව තමයි එදා ගෘප් මීටින් එකේදී සාකච්ඡා කලේ.

අනාගතයේදී මීගමුව නගරයේ බදුගෙවන ජනතාවගේ මුදල් නිසි ආකාරයෙන් පාවිච්චි කිරීම කියන පැත්තෙන් ගත්තොත් අපිට ඇත්තටම ලක්ෂ 1600ක් වියදම් කරලා පුස්තකාලයත් අවශ්‍යයද? කවුද එහෙම ඉල්ලලා තියෙන්නේ.

ඔව් ඒක ඇත්ත.

එතකොට ඊළග ප්‍රශ්ණේ තමයි ඔබතුමන්ලාගේ ආසන සංවිධායකවරයා පළාත්සභාවේදී මේකට විරුද්ධව කතා කරනවා. එතකොට එතුම අහනවා මේ මිලියන 163ක පුස්තකාලයක් කවුද ඉල්ලුවේ ? මේ කට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න කිලලා ඔබතුමන්ලාගේ නායකයා පළාත්සභාවේදී ප්‍රශ්ණයක් මතු කරනවා. එතකොට ඒ නායකතුමා යටතේ ඉන්න නාගරික මන්ත්‍රීවරුන් මුදල්කාරක සභාවේදී මේකට අනුමැතිය දෙනවා. ඊයේ පැවති මුදල්කාරක සභාවේදී මන්ත්‍රීවරු මේගැන වචනයකවත් කථාකරන්නේ නැහැ. ඔබතුමන්ලාගේ නායකයා පළාත්සබාවේදී මේකට විරුද්ධවෙද්දී ඇයි නගරික මන්ත්‍රීවරු මේකට පක්ෂ වෙන්නේ.

මේක ඇත්තටම හොද වැඩක් නිසා තමයි. ඔබ තුමා කිව්වා වගේ තව මාස 4කින් 5කින් නගරසභාව වෙනස් වෙනවා. අපිට මේක මීගමුවට අවශ්‍ය එකක්. මගේ මතයනම් ලොකු පුස්තකාලයක් අවශයයි. කොළඹින් පස්සේ එකක් නැහැ.

පක්ෂයේ පොදුමතය තිබුණේ මේකට විරුද්ධ වෙන්න නේද?

එක එක්කෙනාගේ මතයන් තිබුණා. එක පැත්තක් අපි ගත්තේ නැහැ පොදුවේ මේ ගැන කථා කලේ.

සාමාන්‍ය වර්ගඅඩි ප්‍රමාණයක පුස්තාලවක් වෙනුවෙන් ලක්ෂ 1600 ණයකාරයෙක් බවට නගරසභාවයි මීගමුව බදුගෙවන ජනතාවයි පත්කිරීම????

දැන් ණයක් කිව්වට මෙහෙමනේ. දැන් ගොඩනැගිල්ලේ යට අපිට කුලියක් එද්දී අපි ණයෙන් පොඩ්ඩක් නිදහස් වෙනවා නේද.

නමුත් ඒක කරන්න පුළුවන් වෙන්නේ පහල කුලියට දීලා ස්ථාවර මුදලක් එනවානම් විතරනේ.?

ඔව් ඒක කරන්න පුළුවන්. යටින් හොද ගාණක් එනවා.

එතකොට ඔබතුමන්ලා කියන්නේ ඔබතුමන්ලාගේ නායකයා මේකට විරුද්ධ වුණත් ඔබතුමන්ලා මේක ආරක්ෂා කරලා දුන්නා. ??

නෑ එහෙම නෙවෙයි.මුදල් කාරක සභාවෙන් පස්සේ මෙක සභාවට එනවා

සභාවට ඊයේ ආවනේ?? ඊයේ ඇවිල්ලත් ඕගොල්ලෝ කථාකලේ නැහැනේ. ඊයේ සභාවට මේක ආව නේද??

ඔව් ඊයේ ආවා.

එතකොට ඕගොල්ලෝ මේකට අනුමැතිය දීලා ඉවරයිනේ දැන්?

අනුමැතිය දුන්නට මොකක්හරි ලොකු ප්‍රශ්ණයක් තියෙනවානම් අපිට ඒක නවත්තන්න පුළුවන්. තාම ණය ගත්තේ නැහැනේ.

ටෙන්ඩරයත් දීලා ඉවරයි නේද?

නෑ ටෙන්ඩරය තාම දීලා නැහැ.

ටෙන්ඩරය දීලා තියෙන්නේ ඩයස් කියන මහත්තයාට නේද? ඒක දන්නේ නැද්ද? පහුගිය කාලයේ රාජපක්ෂ පාක් එක හදපු කෙනාට ටෙන්ඩරය දීලා ඉවරයි නේද? ඔබතුමා දන්නේ නැද්ද මුදල් කාරක සභාවේ මන්ත්‍රීතුමා හැටියට ?

නෑ ඇත්තටම මට මතක නැහැ. එයාල නීත්‍යානුකූල විදියට ටෙන්ඩර් දාලා දෙනවනම් ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින්.

එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක්ට චෝදනාවක් තියෙනවා මේ ගණුදෙනුවේදී ලොකු කොමිස් මුදලක් ලැබෙනවා. දැනට තියෙන ආරංචිය ලක්ෂ 85ක කොමිස් මුදලක් ලැබෙනවා මේ කොන්ත්‍රාත්කරුගෙන්. එතකොට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙක බැගින් මේ කොමිස් මුදල ලැබෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

දැන් මේකනේ මහත්තයා, එකම බොරුනේ දැන් එකපාර ඒ මිනිස්සු ණය දෙන්නේත් නැහැ. කරන්නෙත් නැහැ. ටිකින් ටිකනේ මේක වෙන්නේ.ණයත් එක විට දෙන්නේ නැහැනේ ණය දෙන්නේත් ටික ටික එයාලා වැඩ බල බල තමා ඒක කරන්නේ. ඕක ඉතින් කවුරුහරි ගොතපු බොරුවක්.

නමුත් පැහැදිලි චොදනාවක් තියෙනවා නස්මියර් මන්ත්‍රීතුමා ඇතුළු තව මන්ත්‍රීවරු පිරිසකට විශේෂයෙන් මුදල් කාරක සභාව නියෝජනය කරන අයටත්?

මම ලබන පාර මුදල්කාරක සභාවේ ඉන්නෙත් නැහැ. මේක අපිට ලොකු ප්‍රශ්ණයක් වෙනවා. මොකක් හරි වුණ ගමන් අපිට තමයි ප්‍රශ්ණේ.

චෝදනාවක් තියෙනවා ලක්ෂ 2ක කොමිස් එකකට තමයි ඔබතුමා මේකට අවසර දීලා තියෙන්නේ කියලා? ඒ ගැන මොකද කියන්නේ ?

අනේ එහෙම නැහැ. ඒක බොරුවක් මහත්තයා.එහෙනම් එදා සියළුදෙනාම නිහඩව හිටියානේ ඒ හැම දෙනාටම එහෙනම් මේක කියන්න එපැයි.

ඒ හැම දෙනාටම ලක්ෂ 2ක කොමිස් මුදලක් දීලා තියෙනවා කියලා තමා කියන්නේ??

නෑ එහෙම මිනිස්සු නැහැ.

ඔබතුමන් හා මන්ත්‍රීවරුන් කොමිස් ගන්නේ නැද්ද?

මේකනේ මහත්තයා අපි නගරාධිපති ලවා මොනාහරි කරගන්න ගියහම සමහරු කියනවා අපි නගරාධිපතිතුමාට මුක්කු අල්ලනවා කියලා. ඉතින් මේක පුදුමයි. නගර සභාවට එන්නේ අපි කිහිප දෙනයි.ඒ වගේම මොනාහරි අපි කරනවා.අපි නගරාධිපතිතුමාගේන ඉල්ලලා ජනතාවට අවශ්‍ය දේ කරනවා. මටනම් තේරෙන්නේ නැහැ මේ දේශපාලන ක්‍රමය.

එතකොට නස්මියාර් මන්ත්‍රීතුමා කොමිස් මුදලක් ගත්තේ නැද්ද?

ලක්ෂ 2න් මොනාද කරන්න පුළුවන් මහත්තයා. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. අද සිකුරාදා එහෙම දෙයක් වෙලා නැහැ.

(එජාප නගාරික මන්ත්‍රි නස්මියාර් මහතා සමගින් 2016 මැයි 06 වනදා කරන ලද සම්පුර්ණ සාකච්ජාවකි )