ලක්ෂ 30 ක් වංචා කළ මීගමු පොහොට්ටු නගරාධිපතිගේ ගෝලයන්ට නඩුත් නෑ! කොමසාරිස්වරිය රැකියාවත් දීලා !

0
125

Rajapaksha-park-1( 10.15 am )මීගමුව රාජපක්ෂ උද්‍යානයේ සේවය කළ සේවකයන් දෙදෙනෙකු විසින් 2018 වසරේදි දි දැවැන්ත සොරකමක නිරතවු අයුරු අප විස්තරාත්මකව දැනටමත් හෙළිකර ඇත.
ඒ 2016 වසරේ සිට  උද්‍යානයේ ප්‍රවේශපත් අලෙවියෙන් රු ලක්ෂ 30 කටත් වඩා වැඩි මුදලක් හොරකම් කර තිබිම පිළිබදවය.
මෙය බරපතල තත්වයකි.Sugath Kumara Commisioner
මේ සා බරපතල හොරකමක් සිදුකරන ලද  මේ කම්කරුවන් දෙදෙනාට එරෙහිව  හිටපු නාගරික කොමසාරිස්වරයා කළයුතුව තිබුනේ පොලිසියේ පැමිණිල්ලක් දැමීමය.
එහෙත් ඔහු විසින් හිතාමතාම එය මඟහැරියේය.
එයට බලපෑ හේතු 2 කකි.
පළමුවැන්න වන්නේ වසර 2 කක් තිස්සේ ලක්ෂ 30 ක මුදලක් නගර සභා කම්කරුවන් දෙදෙනෙකු විසින් මෙසේ හොරකම් කරද්දි ඒ ගැන විමසා බලා එය වලකාලන්නට නාගරික කොමසාරිස්, ගණකාධිකාරි සහ ලේකම්වරියද ඇතුළු සැම අපොෙහාසත්විම නිසා ඒ අයටද වැරැද්දක් වැටෙන නිසා හොරකම ගොඩින් බේරා වැඩ නවත්වා හොරකම් කරන ලද මුදල් යළි ගෙවන්නට යැයි කියා ප්‍රශ්ණය සෑබෑ නීතියෙන් වසන් කර තැබිමටය.
අනික් කරුණ වන්නේ මේ කම්කරුවන් දෙදෙනා පළාත් පාලන නිති රෙගුලාසි ප්‍රකාරව මුදල් පිළිබඳව කටයුතු කිරිම සඳහා කිසිදු සුදුසුකම් නැති අය වුවද මේ දෙදෙනා දයාන් ලංසාගෛ් ගෝලයන් විම නිසා ඔහු කියා ඇත්තේ පාරේ තාර වැඩට මේ අයව නොයොදා උද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවට යොදන ලෙසය.
ඉතින් දායන් ලංසාගේ ගෝලයන් විම නිසා නාගරික කොමසාරිස්වරයාට මේ බරපතල මුල්‍ය වංචාව සිදුකරන ලද සේවකයන්  දෙදෙනාව එරෙහිව කටයුතු කර නොතිබුණි.
දැන් තත්වය තවත් බරපතලය මන්ද යත් දැන් පේන අහන්නට වෙන්නේ හොරුන්ගේ අම්මාගෙන් විම නිසාය..

හොරුන්ට යළිත් රැකියාවNGB-commisionar-1

දැන් ඇති ලොකුම විහිළුව වන්නේ මේසා බරපතල වංචාවක් සිදුකරන ලද සේවකයන් හට යළිත් රැකියාව ලබාදි තිබිමට තුන්වන පංතියේ නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබිමයි.
ඊටත් වඩා අරුමය වන්නේ උදේවරුවේ අත්සන් තබා රස්සියාදුවේ යන්නට සහ ලංසා පවුලේ දේශපාලන වැඩකරන්නට මේ දෙදෙනාව යොදවා තිබිමය.
ඉතින් නුවරඑළි සවාරි නිළධාරින්ට ලැබෙන්නේ ලංසා පවුලේ මෙවන් හොරුන්ව ආරක්ෂා කොට යළිත් රැකියාව පවා ලබාදිමට කටයුතු කරන පරිපාලන අධිකාරයක් සිටින බැවිනි.එබැවින් මේ වන විට නුවරඑළියේ සවාරි ගසන්නේ දායාන් ලංසාගේ නිර්දේශය මත ඔහු විසින් වැඩකරන නිළධාරින් යැයි ඔහුම කියා ගන්නා අයවලුන්ය..
ගිනි සමන් ලෙසින් මීගමුවේ ප්‍රසිද්ධියට පත්ව ඇති අයෙක්ද මේ අතරය.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here