ලක්ෂ 38 ට මාක් පිටියේ මංතිරුව විතරක් හදන්න නෙමෙයි – කපිල කියයි…

0
40

kapiala picපෙරියමුල්ල මාක් පිටියේ මංතිරුව සදහා ලක්ෂ 38 ක්ම වැය නොවුන බවත් ඒ මුදලින් පිට්ටනිය තුල වැසිකිලි 2 ක් හැදිමටත් ගේට්ටුවක් සවිකිරිමටත් තාප්පයේ කොටසක් පිළිසකර කිරිමටත් යෙදවිමට නියමිත බව මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා මීපුර අමතා පවසා සිටියේය.
මෙම ක්‍රිඩා පිටිය විවිධ අයථා කටයුතු සදහා පසුගිය කාලය තුල භාවිතා වු බවත් තමන් විසින් කරන්නට යෙදුන සංවර්ධන කටයුතු අරභයා ගමේ මහත් ප්‍රසංසාවක් හිමිව ඇති බවද කියා සිටියේය.
එමෙන්ම එකි මංතිරුවේ ප්‍රමිතය ගැන තමන් සහතික වන බවත් ඒ පිළිබදව විශේෂ දැනුමක් ඇති අයෙකුගේ අධික්ෂණය යටතේ එය ඉදිව ඇති බවද කියා සිටියේය.