සටහන සහ ඡායාරූප /
සියවස් ගණනාවකට ඒහා ගිය අතීතයක ඒනම් ලංදේසි සමයේහි මීගමුවේ මිහිදන් කෙරුනු ඒවකට සිටි ලංදේසි ජාතිකයින්ගේ හා මීගමුවේ විසු මානවයින්ගේ සොහොන් කොත් මීගමුව මංඤොක්කාහේන පොදු සුසාන භූමියහි පිහිටා තිබෙන අතර බලධාරින්ගේ නිසි අවධානයක් මේ වෙත එල්ල නොවෙන බව අප කළ ක්ෂේත්‍ර ක්‍රියාකරකමදි දක්නට ලැබිනි.
ලංදේසි යුගයේ මෙම සොහොන් මිහිදන් කර තිබුනේ , මේ වන විට මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවතින භූමියේ වන අතර පසුව මෙවා මංඤොක්කාහේන් පොදු සුසාන භූමියේ වෙත ගෙන යන ලදි. එහි ද කෙලවරක මෙම සොහොන් කොත් මිහිදන් කර ඇත.
පෞරාණික වටිනාකමක් ඇති මේම සොහොන් කොත් සුසාන භූමියේ කුනු කොනකට දමා තිබීම අසෝබනය. පෞරාණික කැටයම් වලින් යුක්තවූ සංස්කෘතික වටිනාකමක් ඇති මෙම සොහොන් කොත් සංරක්ෂනයට හෝ පියවරක් ගෙන නොමැත. කුනු රොදු පවා මෙම කෙලවරෙහි දමනු ලබන අතර සමහර කොත් වැලි වලට යටව ගොස් ඇත. සුසාන භුමියට පැමිණෙන්නේකුට පවා දැන ගැනීමට මෙම ස්ථානය නම්කර හෝ නැත.
17 හා 18 වන ශතවර්ෂයට අයත් සොහොන් කොත් මේ අතර වේ.
මීගමුව සුසාන භූමිය මීගමුව නගර සභාව යටතේ පාලනය වන අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුත්තේ මහ නගර සභාවයි.
