ලබන බදාදා වෙනතෙක් මීගමුව කුණු ගද ගැසිමට නියමිතය…

0
255

kunu NGB 5kunu ngb 6kunu ngb 7kunu ngb 8kunu ngb 9kunu ngb 10 මේ වන විට විශාල අර්බුධයකට ලක් වී ඇති මීගමුවේ කුණු ගැටලුව මීගමු ජනතාවට මහත් හිසරදයක් වී ඇත.මාසයක් ගත වී ඇති මෙම ගැටලුවට නිශ්චිත පිළිතුරක් ලබා දීමට මීගමුව නගර සභාවට නොහැකිය. මේ වන විට නගරයේ සමහර ස්ථාන කුඩා කුණු බැහැර කරන ස්ථාන බවට පත් වී ඇත.විශේෂයෙන්ම පොරුතොට බෝක්කුව අසල කාමච්චෝඩය වෙරළ, පිටිපන වෙරළ ,පාන්කඩ හන්දිය , මීගමුව නගරයේ ජයන්ති රේඩියෝ ව්‍යාපාරික ස්ථානය අසල මාවත හා මඥ්ඥොක්කාහේන පොදු සුසාන භූමිය අවට හා ඒත්තුකාල සුනාමි නිවාස ලෙස හදුන්වන ස්ථානයද පැහැදිලිව හදුනා ගත හැක.විශේෂයෙන්ම මෙවැනි ස්ථාන වල කුණු දිනෙන් දින වැඩි වන බවද අප නිරීක්ෂණ වලදී දක්නට ලැබිණි. මෙම කුණු ගැටලුව නිසා ඉදිරි දිනවලදි  වසංගත රෝග වැළදීමේ විශාල අවධානමක් ඇති බව නගර සභාව සෞඛ්‍ය දැනගත යුතුය.

   මෙම  කුණු ගැටලුව සම්බන්ධයෙන් අද දින  අප කල විමසීමකදී  නගර සභා සෞඛ්‍ය අංශය විසින් කියා සිටියේ ලබන බදාද වන තුරු බලා සිටීමට වන බවයි.නමුත් ඊයේ දින  නගර සභාව විසින් අධිකරණයේ නඩුවක ගොනුකර ඇති අතර එය විභහග කිරීමට දින දෙක තුනක් ගත වෙනු ඇතැයි නාගරීක මන්ත්‍රීවරයෙකු අප වෙත පවසන ලදි.
 මෙම ගැටලු නිසා අසරණ වන්නේ  මහජනතාවය.කුණු බැහැර කිරීමට නොහැකිව ජනතාව විසින් මුහුදට කුණු විසි කරන අවස්ථා අප දැක්කෙමු.ඒ අතර කළපුවටද  ඒම කුණු එක්වන ස්ථාන අප කැමරා  කාචයේ සටහන් විය.මීට අමතරව කුණු බැහැර කීර්මට විකල්පයක් නැති නිසා කුණු මහ මග පුළුස්සන ව්‍යාපාරිකයන් හා ජනතාව අපට දක්නට ලැබිනි.විශේශයෙන්ම මීගමුව සංචාරක පුරවරයකි මෙහි පැමිණෙන විදේශීය  සංචාරකයන්ටද මේ ගැටලුව තදින්ම බලපායි.
  මෙම කුණු ගැටලුව නිසා මිනිසුන් පමණක් නොව සතුන්ද මහත් තර්ජනයකට පත් වී ඇත. විශේශයෙන්ම  බල්ලන් කපුටන් කොක්කූන් වැනි සතුන් මෙම කුණු ආහාරයට ගැනීම නිසා නොයෙකුත් රෝග වැලදීමේ අවධානමත් පවති.
  බාලගිරි දෝශය අද නෙමෙ හෙට නොකියා මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීම වැදගත් යැයි නැවත මතක් කරමු.
විමර්ශන චාරිකා සටහන – දිල්ෂාන් තිසේරාkunu ngb 11kunu ngb 13kunu ngb 15kunu ngb 16