ලබන සතියේ ඇමති නිමල් ලංසාගේ දේශපාලන ඉරණම කුමක් වෙයිද ?

0
47

nimal-lansa-යෝජිත ඇමති මණ්ඩල සංශෝධනය ලබන සදුදා දිනයේදි බොහෝ දුරට සිදුවිමට ඉඩ ඇති බවත් එහිදි දැනට නියෝජ්‍ය ඇමති ධුරයක් දරන නිමල් ලංසාගේ දේශපාලන ඉරණම කුමක් වි හැකිද යන්න ගැන මීගමුවේ දේශපාලන කවයන් තුල මේ දිනවල කථාබහට ලක්වෙමින් තිබේ.
දැනට කාලයක සිට ඕස්ට්‍රෙලියාවේ වැඩි කාලයක් ගතකරනු ලබන නි.ඇමති නිමල් ලංසා කලකට පසු ලංකාවට ඔහු පැමිණ තිබුනේ පසුගිය අප්‍රේල් 29 වනදාය.
ඒ මැයි දිනයට සභභාගිවිම සදහාය.
එහෙත් ලංසා පවුල හවුලේ මහින්ද සහ මෛත්‍රි පිලවල් බෙදාගෙන එකම කාර්යාලකින් මැයි දින සංවිධානය කරනු ලැබු බව දැන් ප්‍රසිද්ධ රහසකි.
මේ සියළු යථාර්ථයන් හමුවේ ලබන සතියේ නි. ඇමති නිමල් ලංසාගේ ඉරණම කුමක් වේවිද ?
ඇමති කමක් ලැබේවිද ? නැතිනම් තියෙන නි. ඇමති කමත් නැතිව යාවිද ?
කෙසේ වෙතත් එකක් පැහැදිලිය පසුගිය වෙසක් දිනවල ආපසු ඕස්ට්‍රෙලියාව බලා යාමට සැලසුම්කරගෙන සිටි ඔහු එය කල් දමමින් සිටිනුයේ  ලබන සතියේදි තමන්ගේ ඉරණම කෙසේ විසදෙනු ඇතිදැයි දැනගැනිමටය.

Save

Save