ලයන් එයාර් ගුවන් යානයෙන් ලංකාවට ආවේ මාරාන්තික ලෙඩක්ද ? මිය ගිය අයගේ සිරුරු සීල් තබා යළිත් ඉන්දුනිසියාවට ?

0
125

ලයන් එයාර්පසුගිය 13 වෙනිදා  තායිලන්තයට අයත් ගුවන් යානයක් හදිස්සි ගොඩබැමක නිරතව තිබුනේ එහි ගමන් ගත් මගින් පිරිසක්  බරපතල ලෙසින් රෝගාතුරුව සිටිම නිසාය.
යානය ගොඩබස්සවා මේ රෝගින් පරික්ෂා කිරිමේදි දැනගන්නට තිබුනේ දෙදෙනෙකු ඒ වන විටත් මිය ගොස් ඇති බවය.
ආසාධ්‍ය වු තවත් අයෙකු අයිඩිඑස් උණ රෝහලට පසුව යවා තිබුණි.
මිය ගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා මිගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්තපත් කර තිබුනද ඒ අය මියගොස් තිබුනේ එතෙක් හදුනානොගත් රෝගයක් නිසාවෙන් ඇති බරපතල සෞඛ්‍ය අවධානම සලකා ඒ මෘත ශරිර සීල් තබා යළිත් ඉන්දුනිසියාවට යැවිමට පියවර ගෙන තිබුන බව වාර්ථාවේ.
දැනට අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබන තැනැත්තාගේ තත්වයද බරපතල බව වාර්ථා වන අතර මේ අය කිසියම් මාරාන්තික වෛරස් රෝගයකට ගොදුරු වුවන්දැයි යන සැකය බරපතල ලෙස සෞඛ්‍ය බලධාරින් වෙත මතුව තිබේ.