ලයිසන් නැති වැල්ලේ BEER PUB මීගමුවේ සංවාරක හෝටල්වලට තර්ජනයක් ?

0
100

Mr Croos(12.45pm)වාර්ෂිකව විශාල මුදලක් මත්පැන් බලපත්‍රය වෙනුවෙන් වැය කරන මීගමුව සංවාරක කලාපයේ හෝටල් හිමියන් විසින් චෝදනා කර සිටින්නේ වැල්ලේ තැන තැන ක්‍රියාත්මක බියර් ෆබ් නිසා තමන්ට විශාල පාඩුවක් විදින්නට සිදුව ඇති ව බවේ .
මීගමුවේ සංවාරක හෝටල් හිමියන් මේ බව මතුකර සිටියේ පසුගිය වසරේ පැරඩයිස් හෝටලයේ පැවැති විශේෂ රැස්විමකදිය.
මෙම රැස්විමේ ප්‍රධාන අරාධිතයා ලෙස පැමිණ සිටියේ ආමත්‍ය එරාන් වික්‍රමරත්න මහතාය.
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියවේදින් සංගමය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණ මෙම රැස්විමේදි හෝටල් හිමියන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුන ප්‍රශ්ණය කෙලින්ම බැදි ඇත්තේ නිමල් ලංසා පවුලේ ආධාරකරුවන් විසින් වැල්ලේ තැනින් තැන පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධි බියර් ෆබ් පිළිබදවය.
මේ සියලු නීතිවිරෝධි ක්‍රියා නවත්වා දමා මීගමුව අළුතින් ගොඩනැගිමට වෙනසක් දැන් අවැසි බව හෝටල් හිමියන් බහුතරයක් අප කළ විමසුකදි මීපුරට කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here