ලයිෆ් ජැකට් නැති ධීවර කර්මාන්තය ??

0
204

P1090091



ගෙවී ගිය දශකයේ සිට මේ දක්වා කාල පරාසය තුළ පමණක් මුහුදේදී ඇති වන හදිසි කුණාටු තත්වයන් හමුවේ බෝට්ටු පෙරලීමෙන් ඉතා අවසනාවන්ත ලෙස ජීවිත 100 කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති බව ධීවර සංවිධාන වාර්තා කරයි. එම වාර්තාවන්් ආවරණය කරන්නේ එලෙස මියගිය බොහෝ අයගේ ජීවිත බේරාගැනීමට හැකියාවක් තිබූ බවයි.
එහෙත් එවන් හදිසි අවස්ථාවක කි‍්‍රයාත්මක කිරීමට ක‍්‍රමවත් හා විධිමත්  සැබෑ වැඩපිලිවෙලක් නොමැති වීම නිසාවෙන් එවන් වටිනා ජීවිත රැුසක් මේ වන විටත් අපට අහිමි වී තිබේ.

මුහුදේ ඇති වූ හදිසි කුණාටුවකට ලක් වී බෝට්ටුව පෙරලීමේන් ධීවරයෙකුට තම ජීවිතය අහිමි වූ ආසන්නතම සිදු වීම වාර්තා වන්නේ පසුගිය ජුලි 16 වැනි සෙනසුරාදා දින මීගමුව මුන්නක්කර ප‍්‍රදේශයෙනි.   එදින සවස් කාලයේ ඇති වූ හදිසි කුණාටු තත්ත්වය හමුවේ සිය බෝට්ටුව පෙරලි මුහුදේ ගිලී මිය ගොස් තිබුණේ , මුන්නක්කරේ සිරිවර්ධන පෙදෙසේ අංක 140/14 නිවසේ පදිංචිව හුන් 57 හැවිරිදි කේ. මර්වින් ලෙනාඞ් පිරිස් යන අයයි.
තිදරු පියෙකු වු මිය ගිය මර්වින් ලෙනාඞ් නැමැත්තාගේ  වැඩිමහල් දරුවා මේ වන විට වයස අවුරුදු 08 සම්පුර්ණ කළා පමණි. මියගිය ලෙනාඞ් මහතා ද පාරම්පරිකවම  ධීවර කර්මාන්තයට යොමු වු අයෙකි. ධීවර රැුකියාව තුළ කෙතරම් පරිණත අත්දැකීම් සහිත වුවත් හදිසියේම ඇති වන මෙවැනි කුණාටු තත්වයන් හමුවේ ඒවාට මුහුණ දී තම ජීවිතය බෙරා ගැනීමට හැකි වන්නේ ඉතා කලාතුරකිනි. මීගමුව මෝයෙන් දියඹට පිවිසෙන ලෙනාඞ් දෛනිකව මසුන් ඇල්ලීම කරනු ලබන්නේ ගොඩබිමේ සිට දියඹේ සැතපුම් 12 ක පමණ දුරිනි. එලෙස සමාන්‍යයෙන් උදෑසන 5.00 පමණ වන විට දියඹට පිවිසෙන ඔහුගේ බෝට්ටුව යලි මසුන් අල්ලා ගෙන ගොඩබිමට සේන්දු වන්නේ සවස 5.00  ට පමණය. එලෙස මෙදිනද සවස මසුන් අල්ලා ගෙන ආපසු ගොඩබිමට එමින් සිටියදී මුහුදේ සිට පිටිපන දේවස්ථානයට සැතපුම් 06 ක් පමණ වන දුරකදී මෙම කුණාටුවට ඔවුන් හසු වී ඇත.
එලෙසම එදින මෙම කුණාටු තත්ත්වය හමුවේ මීගමුව මෝයෙන් මුහුදු ගිය තවත් බෝට්ටු 02 ක් කුණාටුවට හසුව පෙරලී ඇතත් එම බෝට්ටු දෙකෙහි සිටි ධීවරයින් ට එතරම් දරුණු අනතුරු සිදු වී නොතිබිණි. කෙසේ වෙතත් මිය ගිය මර්වින් ලෙනාඞ්ගේ ඥාතීන් හා හිතමිතුරන් පවසන්නේ කුණාටුවට  ඔහුගේ බෝට්ටුව පෙර`ඵන අවස්ථාවේ ලයිෆ් ජැකට් එකක් හැ`ද සිටියා නම් ඔහුගේ ජීවිතය රැුක ගැනීමට යම් හෝ ඉඩ කඩක් තිබූ බවයි.
පසුගිය ජුලි 12 වැනි අ`ගහරුවාදා සවස හදිසියේ ඇති වූ දැඩි කුණාටුවකට හසුව තම ජීවිතය ගලවා ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ලත් අත්දැකීමත් සම`ග මසුන් ඇල්ලීමට මුහුදු යන ධීවරයින්ට ලයිෆ් ජැකට් එකක ඇති වටිනාකම කෙතරම්ද යන්න ගැන අපට ඉතා හො`දින් අවබෝධ වුණි. එම දරුණු කුණාටුවෙන් තම බෝට්ටුව පෙරලී තම හිසට ඉහලින් නැගෙන චන්ඩ වූ රළ පෙල හමුවේ තම සිරුරේ උරහිස් දක්වා කරදියෙහි ගීලී, පැය හතකට අධික කාලයක් මහා මුහුදේ ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු ඔවුන් ජීවත් වීමට වාසනාව ලද්දෝය.
මේ දෙසොහොයුරන් තමන් අත්වි`දි ඒ සිදුවීම විස්තර කළේ මෙසේයි.  ‘‘ මම බී.ඒ. ටයිටස් ප‍්‍රනාන්දු, මාගේ වයස අවුරුදු 43 යි. මාගේ මල්ලී නිහාල් කුමාර ප‍්‍රනාන්දු , එයාට වයස අවුරුදු 37 යි. අපි ඉන්නේ උතුරු පිටිපන. අපි සෑහෙන කාලයක සිට ධීවර රැුකියාව කරන අය. මුහුදු යන්නේ මාගේ බෝට්ටුවෙන්
(ලි. අං. ධත්‍ඍඡු- ්- 1209 භඊධ * .  මමයි, මගේ මල්ලියි , නිශාන්ත ප‍්‍රනාන්දු කියන ධිවර  රැුකියාව කරන තව එක්කෙනුකුයි තමයි එදත් මුහුදු ගියේ.  අපිට සාමාන්‍ය විදිහට පීනන්න පු`ඵවන්. එදා අපි වෙනදා වාගේ උදේ 5.00 ට විතර මීගමුව මෝයෙන් තමයි මුහුදු ගියේ. අපිට තේරුණා මුහුද වෙනදාට වැඩියෙන් ටිකක් විතර සැරයි කියලා. නමුත් කුණාටුවක් එනවා කියලා වේලාසන කොහෙන්වත් අපිට දැනුම්දීමක් කර තිබුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් මා`ඵ අල්ලන්න යන්නේ ගොඩ බිම ඉ`දලා සැතපුම් 12 ක් 13 ක් විතර එහා දියඹේ. එහෙම ගිහිං අපි මා`ඵ කිලෝ 35 ත් 40 ක විතර ප‍්‍රමාණයක් එදා අල්ලා ගත්තා. එහෙම අල්ලා ගෙන ආපසු එන්න එනකොට හැන්දෑවේ 5.00 ට විතර ඇති. අපි ?ට මුහුදේ ඉ`දලා ගොඩට එන්න අපිට උදව් වෙන්නේ දැනට ¥ව, මෝර වල ආසන්න  මුහුදේ තියෙන පැරණි නැවක දිරා ගිය කොටස හෙවත් ධීවරයෝ හ`දුන්වන ‘‘ නැව් කෑල්ල ’’ දිහා බලාගෙනයි.  අපිට කලින් බෝට්ටු 02 ක් 03 ක් ඉස්සරහින් ආවා. අපි තමයි පස්සෙන්ම ආවේ. එහෙම එද්දී තමයි අහස ක`ඵ කරගෙන වැස්ස එන්න වාගේ තද හුළං එක්ක තමයි මේ කුණාටුව ආවේ.
කුණාටුව සැර බව අපිට තේරුණ නිසා බෝට්ටුව හෙමින් හෙමින් තමයි ඉස්සරහට ආවේ. එහෙම එද්දී එකපාරටම හිතා ගන්නඩවත් වෙලාවක් නැහැ, එකපාරමට හමාපු ඔරොත්තු නොදෙන හුළ`ගකුයි , විශාල රැුල්ලක් එක්කම අපේ බෝට්ටුව අනෙක් පැත්තට පෙරලූණා. මාව වතුර යටට එක පාරක් ගිලිලා ආයේ කොහාම හරි උඩට එනකොට මගේ මල්ලීගේ ඔලූව උඩ තමයි බෝට්ටුව හිටලා තිබුණේ. අපේ බෝට්ටුවේ තිබුනා ලයිෆ් ජැකට් එකක්. මල්ලි කොහොම හරි ඒ ලයිෆ් ජැකට් එකේ එක් පැත්තක් එයාගේ එක අතකට දාගෙන ඇවිත් මාවයි අපිත් එක්ක බෝට්ටුවේ ආපු නිශාන්තවයි එකට අල්ලා ගත්තා. මමයි, නිශාන්තයි ඒ වෙද්දී වතුරේ යටට යන්නේ නැතිව බොහෝම අමාරුවෙන් තමයි බෝට්ටුව අල්ලා ගෙන හිටියේ . ලයිෆ් ජැකට් එක දාගෙන මල්ලී ආවට පස්සේ අපි තුන් දෙනාම එකට අල්ලා ගෙන හිටපු නිසා වතුරේ යටට යන්නේ නැතිව ඉන්න අපිට පු`ඵවන් වුණා. එහෙම වෙලා අපි කොහොම හරි අනෙක් පැත්තට පෙරලිලා තියෙන බෝට්ටුව අල්ලා ගෙන එල්ලිලා හිටියා. කුණාටු ගතිය නිසා හමන සුළෙ`ග් වේගයට විශාල මුහුදු රල පහර වලින් බෝට්ටුව එහාට මෙහාට පැද්දෙනවා. ඒත් අපි තුන් දෙනා බෝට්ටුව අතහරින්නේ නැතිවම  අල්ලා ගෙන හිටියා. බොහෝමයක් විශාල මුහුදු රැුළි අපේ ඔලූවට උඩින් යනවා. ඒවාගේම මුහුදු වතුර සෑහෙන්න අපි තුන් දෙනාටම පෙවුනා. අපේ ඇස් වලට නිතර එන
රැුල්ල එක්ක මුහුදු වතුර යනවා. ඒ වෙලාවට ඇස් වල දැවිල්ල එනවා. එහෙම ඉන්න කොට අහසින් යන ගුවන් යානා වලටත් අපි කෑගහනවා. අපිව බේරා ගන්න කියලා. තද ක`ඵවරේ අපි ජීවිත ගැන ආශාව අත්හැරලා දාලා වගේ හිටියේ. දෙවියන්ට හැම දේම භාරදීලා. අපි මෙහෙම පැය 07 කටත් වඩා වැඩි කාලයක් මුහුදේ ඉන්න කොට ?ට මුහුදේ මා`ඵ අල්ලන්න යන බෝට්ටුවක් ඇවිත් අපිව දැකලා, එයාලා ආයෙත් ගොඩබිමට ඇවිත් තවත් බෝට්ටුවක් එක්ක ඇවිත් තමයි අපිව බේරාගත්තේ. ඒ වෙද්දී පහුවෙනිදා ඒ කියන්නේ 13 වැනි බදාදා පාන්දර 2.00 ට විතර තමයි අපි ගොඩ බිමට ආවේ. එදා ? ඒ බෝට්ටුවට අපිව හමු වුණේ නැත්නම් අපි අද වෙද්දී ජීවතුන් අතර නැති වෙන්නත් තිබ්බා. ’’ ..
අරුණ රොෂාන්ත  – සභාපති , සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය.
ධීවරයෙකු ලෙසත් ධීවර නායකයෙකු ලෙසත් මගේ අදහස වෙන්නේ රජය විසින් ධීවරයන්ට ලයිෆ් ජැකට් පැල`දීම අනිවාර්්‍ය කළ යුතු යුතු බවයි. ඒවාගේම ලියාපදිංචි සෑම ධීවරයෙකුටම ලයිෆ් ජැකට් රජය විසින් නොමිලේ ලබා දිය යුතුයි. ධීවර කර්මාන්තයෙන් විශාල ධනයක් රජයට ලැබෙනවා. නියම ප‍්‍රමිතියෙන් යුත් ලයිෆ්  ජැකට් එකකට වියදම් වෙන්නේ රුපියල් 2000 ත් 3000 ත් අතර මුදලක්. ඒ නිසා ලංකාවේ සිටින සෑම ධීවරයෙකුටම ලයිෆ් ජැකට් ලබා දීමට රජයට හැකියාව තියෙනවා. කෘෂි කර්මාන්තයේ නිරත වන ගොවීන්ට රජය විසින් සහනාධාර යටතේ පොහොර ලබා දෙන විට ගොවීන් දුප්පත්ද පොහොසත්ද කියලා ඒ අයගේ තරාතිරම ගැන සැලකිලිමත් නොවී සමස්ථ ගොවි ජනතාවටමයි, ඒ සහනාධාරය සමව බෙදා දෙන්නේ. ගොවි ජනතාවට එලෙස පොහොර සහනාධාරයක් ලබා දීමට අපගේ කිසිදු අකමැත්තක් නොමැති බවද මෙහිදී පැවසිය යුතුයි. ඒ නිසා ධිවරයන් සිය`ඵ දෙනාටමත් අඩුම තරමින් ලියාපදිංචි අයට හෝ ලයිෆ් ජැකට් ලබා දීම රජය ම`ගින් කළ යුතුයි. ඒවාගේම අද වෙද්දී යුද්ධය නතර වෙලා වසර 02 ක් ඉක්ම ගිහින් තිබෙනවා. ඒ නිසා නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා ගෙන අනතුරට ලක් වෙන ධීවරයින් ගැන සොයා බැලීම් කිරීම ස`දහා යොමු කරවීමට යම් වැඩසටහනක් රජයට කි‍්‍රයාත්මක කළ හැකියි. අවශ්‍ය නම් ඇමතිවරුන්ට පමනක් දැනට සිය ප‍්‍රවාහන කටයුතු ස`දහා යොදා ගැනෙන හෙලිකොප්ටර් යානා ද මුහුදේදී විපතට පත් වන ධිවරයන්ගේ ජීවිත බෙරා ගැනීමට යෙදවීමටද රජයට කල හැකියි.

හර්මන් කුමාර – කැදවුම්කරු , ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
අද ලෝකයේ වසරකට ලක්ෂ 02 ක පමන සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන , භායනකම රැුකියාවන්ගෙන්  ප‍්‍රධානතම රැුකියාව වෙන්නේ ධීවර රැුකියාව කිවිවොත් නිවැරදියි. මේ තත්වය මත ලෝක කම්කරු සංවිධානය මේ පිලිබ`දව දැඩි අවධානයකින් පසු වෙනවා. මේ තත්වය මත ධීවර රැුකියාවේ පවතින මේ අවධානම් සහිත බවත් ආනාරක්ෂිත බවත් නිසාම ධීවරයින්ව ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් ලෝකයේ විවිධ සංවිධාන විශේෂයෙන් ලෝක කම්කරු සංවිධානය, බෙංගාල බොක්ක වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි සංවිධාන ම`ගින් විවිධ වූ සම්මුතීන්, ප‍්‍රකාශන සහ ආචාරධර්ම පද්ධති ජාත්‍යන්තරව හ`දුන්වා දී තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ රජයද ධීවරයින් වෙනුවෙන්  එම සම්මුතීන්, ප‍්‍රකාශන සහ ආචාරධර්ම පද්ධති  කි‍්‍රයාත්මක කීරීමට ප‍්‍රතිපත්තිමය ආකාරයෙන් බැ`දී සිටිනවා. ඒනිසා ධීවරයින් ආරක්ෂා කිරීමට අපේ රජයට අනිවාර්්‍යයෙන්ම විශාල වගකීමක් හා යුතුකමක් තියෙනවා.
මේ වැඩපිලිවෙල සම්පාදනය කිරීමේදී පු`ඵල් මහජන කතිකාවතකට එය විවෘත විය යුතුයි යැයි මා අදහස් කරනවා. එම කතිකාවතට ධීවර නායකයින්, ධීවර සංගම්, ධීවර සමුපාකාර සංගම්, රාජ්‍ය නොවන සංවිධාන, ආගමීක නායක නායිකාවන්, සිවිල් හා බහුජන සංවිධාන,   වැනි සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා අත්‍යාවශයයි. එවැනි බහුතර පිරිසකගේ කතිකාවතකින් පසු ඉදිරිපත් වන කරුණු මත පදනම්ව මෙවැනි වැඩපිලිවෙලක් සකස් කර කි‍්‍රයාත්මක කල හැකියි. මෙහිදී මුලිකවම අවධානය යොමු කල යුතු වෙනවා දේශගුණික විපර්යාස පිලිබ`දව. වර්තමානයේ ගෝලීය උණුසුම ඉහළයාම , දේශගුනික විපර්යාස ප‍්‍රබල වීමට ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඒ නිසා අද මුහුදේ උන්හිටි ගමන් කුණාටු තත්වයන් පමණක් නොව දියවැල් , සුළිසුළං, වැනි තත්වයන් ද ඇති විය හැකියි. ඒනිසා එවැනි හදිසි තත්වයන්ට මුහුණ දීමටත් එහිදී අනුගමනය කල යුතු ආරක්ෂිත විධිවිධාන ගැනත් පුර්ණ දැනුවත්භාවයක් සෑම ධීවරයෙකුටම අනිවාර්්‍යයෙන්ම ලබා දිය යුතුයි. එලෙසම ධීවරයන්ට විශේෂයෙන්ම සු`ඵ පන්න ධීවරයන්ට ආරක්ෂිත කබා හෙවත් ලයිෆ් ජැකට් අනිවාර්්‍ය කිරීම කළ යුතුයි.

අමාත්‍ය ෆීලික්ස් පෙරේරා ,
හිටපු ධීවර ඇමති –
මා ධීවර ඇමති වෙලා ඉන්න කාලේ මට අවශ්‍ය වුණා මෙවැනි හදිසි තත්ත්වයන් ගෙන් ධීවරයන්ව ආරක්ෂා කිරිමේ වැඩ පිළිවෙලක් රජය මට්ටමින් කි‍්‍රයාවට නගන්න. ඒ අනුව අපි ලබා ගත් තොරතුරු හා අදහස් මත පදනම්ව ධීවර ආරක්ෂන වැඩ පිළිිවෙලක් සැලසුම් කළා. මෙහිදී අපට වැටහුණු කාරණාවක් වුනේ මුහුදේදී හදිසියේ ඇති වන කුණාටු වැනි තත්වයකදී විපතට පත් වුවහොත්  ඒ අයව බෙරාගන්නා තෙක් මුදුදේ ජලය මත පැය කිහිපයක් රැු`දී සිටිමට අවශ්‍යයි. එහෙම රැු`දී සිටියහම මුහුදේ යන නැව් වලට මේ අයව දකින්න පු`ඵවන්. රැුකියාවට යන වෙනත් බෝට්ටු මේ අයව දකින්න පු`ඵවන්.ඒවාගේම එවැනි ආරංචියක් ලද විගසම වෙනත් යාත‍්‍රාවකින් ගිහිං හරි ඒ අයව බෙරා ගැනීමට පු`ඵවන් . මේ කොයි ක‍්‍රමයකින් හෝ බෙරා ගන්න පු`ඵවන් වෙන්නේ අනතුරට ලක් වුන ධිවරයින් මහා මුහුදේ දිය මත පැය කිහිපයක් හෝ රැු`දී සිටියහොත් පමණයි. මෙන්න මේ නිසා තමයි මම එදා පාර්ලිමේන්තුවේදී ලයිෆ් ජැකට් අනිවාර්්‍යය කරමු කියලා මේ ගැන දැනුවත් කලේ. මම එහෙම ප‍්‍රකාශයක් කරලා නිකං හිටියේ නැහැ. ඒ අනුව එදා ලංකාවේ ධීවර කර්මාන්තය කරන සෑම ප‍්‍රදේශයකින්ම ධිවරයන් 1000 ක් මුල් වටයේ දී තොරා ගෙන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මත ඒ අයට ලයිෆ් ජැකට් එක බැගින් නොමිලේ ලබා දුන්නා. ඒ ආරක්ෂන වැඩසටහන යටතේ අපි සැලසුම් කලේ සෑම ධිවරයෙකුටම නොමිලේම ලයිෆ් ජැකට් එකක් අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මත දෙන්නයි. අපිට එදා එහෙම දෙන්න හැකියාවක් තිබුනා. මොකද හො`ද ලයිෆ් ජැකට් එකක් රුපියල් 1000 කට විතර ගන්න තිබුනා,
දැන් ධිවර අමාත්‍යාංශය විසින් ඒ වාගේ ධීවරයින් ආරක්ෂා කරන්න සුදුසු වැඩිපිලිවෙලක් අඩුම තරමින් සැලසුම් කරලා තියෙනවාද කියලාවත් මට නම් තවම දැනගන්න ලැබිලා නැහැ.
මේ සම්බන්ධව අදහස් දැනගැනීම සඳහා වර්තමාන ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කරගැනීමට කීපවරක්  උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.P1040608

P1040680P1040673