ලාංකිකයා මෙරටට භාරදෙන්න දකුණු අප්‍රිකානු නැවක් කොළඹ වරායට

0
126

island-web

දකුණු අප්‍රිකානු මගී ප්‍රවාහන නෞකාවක් සිය කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයා මෙරටට භාරදීම සඳහා කොළඹ වරායට ඊයේ (31 වැනිදා) පැමිණ තිබේ.

අයිලන්ඩ් ප්‍රින්සස් නමැති මෙම මගී නෞකාවේ කාර්ය මණ්ඩලය 278 දෙනෙක් සිටින අතර එක් ශ්‍රී ලාංකිකයකු එම පිරිසට අයත් වෙයි. ඉතිරි 277 දෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන්ද සිය රටට පිටත් කිරීමෙන් අනතුරුව නෞකාව ඉන්දුනීසියාව බලා යාත්‍රා කිරීමට බලාපොරොත්තු වෙයි.

නැවේ සිටි ශ්‍රී ලාංකිකයා මේ වනවිට නිරෝධායනය සඳහා පිටත්කර හැරීමට පියවර ගෙන තිබේ.
aruna.lk