ලාද්ලි‘සම්මානය පළමු වරට ශ්‍රී ලංකාවට

0
456

ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව හා ප්‍රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන ” ලාද්ලි ” සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදිනී විනීතා එම්.ගමගේ සහ විද්‍යුත් මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි යන මහත්මින් සමත්ව තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර ජාතික ප්‍රසාංගික කළා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී මෙම සම්මානය පිරිනමා ඇති අතර ඔවුන් ඊයේ (14) දින දිවයිනට පැමිණ ඇත.

අදාළ සම්මානය ශ්‍රී ලංකාවට හිමි වු පළමු අවස්ථාව මෙය වේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල,දකුණු ආසියාතික මාධ්‍යවේදිනියන්ගේ සම්මේලනය හා ඉන්දියාවේ පොපියුලේෂන් ෆස්ට් යන ආයතන එක්ව මෙම උත්සවය සංවිධානය කර ඇත.

මෙම සම්මානය දිනාගත් විනීතා එම්.ගමගේ මහත්මිය මව්බිම පුවත්පතේ සහකාර කර්තෘවරිය ලෙස සේවය කරන අතර සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය චැනල් අයි රූපවාහිනී සේවයේ හිටපු අධ්‍යක්ෂවරිය ලෙස සේවය කර තිබේ.