ලිංගික අතවර සිදුවිමට අදට සතියක් ! දොස්තර තාමත් නිදැල්ලේ ?

0
41

 

මීගමුව රෝහලේ බාහිර රෝගි අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තරුණියක් ලිංගික  අතවරයකට ලක්ව අදට සතියකි.
මේ සිදුවිම සම්බන්ධයෙන් මිගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව ගැන සැහිමකට පත්විමට නොහැකි යැයි අදාල තරුණිය ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර සිටි.

මේ අනුව තරුණියව විශේෂ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර විධිමත් පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා ගැනීමට අධිකරණය මගින් අවසර ලැබුණු බව මිගමුව පොලිසිය ප්‍රකාශ කර ඇති බවද මාධ්‍ය විසින් වාර්තා කර ඇත

පසුගිය 31 වෙනිදා මිගමු රෝහලේ  බාහිර ප්‍රතිකාර අංශය තුලදි තරුණියක් ලිංගික අතවරයකට ලක්ව තිබුණේ   මිගමුව රෝහලට හලාවත රෝහලෙන් පැමිණි මාරවිල පදිංචි වෛද්‍යවරයකු අතින්ය.
එම වෛද්‍යවරයාගේ ඇතැම් විෂමාචාර ක්‍රියාවන් නිසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පවා නෙරපා අරින ලද අයෙකු බව දැන් රටම දනි.

මේ අතවරය ගැන පොලිස් පරික්ෂණද ඇරඹි තිබේ. තරුණියගෙන් ප්‍රකාශද සටහන් කරගෙන ඇත.පොලිසියේ ඉල්ලිම මත අධිකරණ වෛද්‍ය පරික්ෂණයක්ද සිදුකර තිබේ.

එහෙත් පොලිසියට අවශ්‍ය වි ඇත්තේ තවත් අධිකරණ වෛද්‍ය වාර්තාවක් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් ලබා ගැනිමටය.
වැඩිදුර පරික්ෂණ මේ අකාරයෙන් ඉදිරියට යාම හොදය.

එහෙත් ගැටලුව වන්නේ ලිංගික අතවරයක් සිදුවු බව අදාල තරුණිය අවශ්‍ය තැන්වලට පැමිණිලි කර තිබියදි එය සිදුකලා යැයි කියන වෛද්‍යවරයා කව්දැයි දැනගෙන තිබියදි ඔහු අත්අඩංගුවට ගැනිමට මිගමුව පොලිසිය දැන් වටේ යාමට පටන් ගෙන තිබිමය.
සිද්ධියක් ඇත. චෝදනා ලැබ සිටින්නාද පැහැදිලිය .

මෙවැනි සිදුවිමක් වෙනත් පොලිස් කොට්ටාශයක සිදුව තිබුනේ නම් තත්වය මිට වඩා  වෙනස්  නොවන්නේද ?

නෙල්සන් ප්‍රනාන්දු

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here