“ලිංගික වෙනස්වීම් වූ අයටත් විවාහ වෙන්න පුළුවන්” පාකිස්ථාන පූජකයෝ කියති.

0
427

tra

ලිංගික වෙනස්කම් වලට ලක්වූවෙකුට විවාහ වීමට, පවුලේ උරුමයන් ලබා ගැනීමට හා සම්පූර්ණ අවමංගල්‍ය චාරිත්‍ර වලට උරුමකම් කීමට ඉස්ලාම් ධර්මයෙන් තහංචියක් නැති බව පකිස්ථානයේ සිටින ප්‍රධාන පෙළේ ඉස්ලාමීය පූජකවරු 50 දෙනෙකු විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

උපතින්ම කාන්තාවක ලෙස ඉපදුන නමුත් පිරිමියෙකුගේ  ලක්ෂණ පෙන්වන පුද්ගලයෙකුට සාමාන්‍ය කාත්තාවක හෝ උපතින්ම පිරිමියෙකු ලෙස ඉපදුනත් කාන්තා ලක්ෂණ පෙන්වන පුද්ගලයෙකු සමග විවාහ වීමට අවසර ඇති බවයි ඔවුන් පවසන්නේ. එලෙසම උපතින්ම පිරිමියෙකු ලෙස ඉපදුන පුද්ගලයෙකුටත් ඉහල වශයෙන් විවාහ වීමට අවසරය හිමි වී තිබෙනවා.  නමුත් කිසියම් හෝ පුද්ගලයෙකු ලිංගික ලක්ෂණ දෙවර්ගයම පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ට විවාහ වීමට අවසර නැති බවත් ඔවුන් තවදුරටත් පවසා තිබෙනවා. කෙසේ නමුත් ඉස්ලාමීය දහම මගින් මෙම විවාහයන් පිළිගනු ලැබූවත් තවමත් පකිස්ථානය තුල මෙවැන්නන්ට විවාහ වීමට තරම් වාතාවරණයක් ඇති වී නැහැ. එයට හේතු වී ඇත්තේ විශේෂයෙන් සමලිංගික විවාහයන් පකිස්ථානය තුල නීතියෙන් තහනම් වීම හා තවමත් තුන්වන ලිංගික තත්වයක් පකිස්ථානය විසින් නීතිමය වශයෙන් පිලිගෙන නොතිබීමයි.

එලෙසම මෙලෙස ලිංගික වෙනස්කම් වලට ලක්වූ පුද්ගලයන්ට පවුල සතු සියළුම උරුමයන් වලට හිමිකම හිමිවන අතර ඔවුන් මිය ගිය විට සියළුම මුස්ලිම් අවමංගල්‍ය චාරිත්‍ර අනුව අවසන් කටයුතු කිරීමේ අයිතියද ඔවුන්ට ඇති බව ඉස්ලාමීය ජූජකයන් විසින් පිළිගෙන තිබෙනවා.  පකිස්ථානයේ වෙසෙන ඇතැම් පුද්ගලයන් විසින් මෙ ලිංගික වෙනස්කම් සහිත පුද්ගයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරන මේ වකවානුව තුල මේ ආකාරයේ පුවතක් අසන්නට ලැබීම සතුතට කරුණක් බවයි මේ විපර්යාසයන්ට ලක්වූ පිරිස් පවසන්නේ.

ලිංගික විපර්යාසයන් සහිත පිරිස් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා පිරිස් පවසන්නේ ඉස්ලාමීය දහමට අනුව ඔවුනව පිලිගනු ලැබූවත් ඔවුන්ව පිලිගැනීම වෙනුවෙන් තවමත් නීති පද්ධතිය සකස් වී නැති බවයි. ඒ නිසා ලිංගික වෙනස් කම් වලට ලක් වූ  පුද්ගලයන්ට විවාහ වීමට වුවමනාව පැවතියත් ඔවුන්ගේ ජාතික හැදුනුම්පතේ ස්ත්‍රී, පුරුෂ ලිංගික තත්වයන් දෙක හැර ලිංගික වෙනස්කම් සහිත පුද්ගලයන්ට සදහනක් නොමැති වීම නිසා නිීතිමය වශයෙන් විවාහ වීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා. ඒ පිලිබදව ඉදිරියේදී වෙනස් කම් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන මෙම සංවිධන පවස්නේ ඉස්ලාම් පූජකයන් විසින් මේ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ගේ හඩ අවධි කල ප්‍රථම අවස්ථාව මෙය වන නිසා ඒ පිලිබදව තමන් සතුටු වන බවයි.

 

www.telegraph.co.uk ඇසුරිණි.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here