අනුරාධපුරයේදී වෛද්‍යවරියක ලිංගික හිංසනයකට පත්වීමේ අවාසනාවන්ත සිදුවීම සමග මතකයට නැගෙන සිදුවීමක් තමයි 2012 වසරේදී ඉන්දියාවේ වෛද්‍ය සිසුවියක් සමූහ දූෂණයට ලක්ව මිය යාමේ සිද්ධිය.
එම සිදුවීමත් සමග ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය දැක්වීමේ ජනතා ව්‍යාපාර පවා බිහිවුණා.
අනුරාධපුර සිදුවීමට අදාළව මාධ්‍ය කාක්කන්ගෙන් වෛද්‍යවරියගේ අනන්‍යතාව සුරැකීම බැරෑරුම් බව කියවෙමින් තිබෙනවා. එහෙත් එදා ඉන්දියානු වෛද්‍ය සිසුවියගේ අනන්‍යතාව මාධ්‍ය මගින් සුරැකීම සම්බන්ධයෙන් ලොව පුරා කතා බහට ලක්ව ඇගයීමට පවා ලක්වුණා.
වින්දිතයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය නීතිය තුළ විශේෂ ප්‍රතිපාදන තිබීම ඊට මූලික හේතුවක්. මාධ්‍ය ඔස්සේ වෛද්‍ය ශිෂ්‍යාව හඳුන්වනු ලැබුවේද “නිර්භයා” ලෙස විශේෂ සංකේත නාමයකින්. ඇයගේ නියම නම, පවුලේ තොරතුරු හෝ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කෙරුනේ නැහැ.
සිද්ධියෙන් දින කිහිපයකට පසු වැරදිකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන්ට එරෙහිව ඉතා කඩිනමින් නඩු පවරනු ලැබූ අතර විශේෂ අධිකරණයක් විසින් මෙම නඩුව විභාග කෙරුනා.
ඒ අනුව 2013 සැප්තැම්බර් මාසයේදී වැඩිහිටි චූදිතයන් හතරදෙනාට මරණීය දඬුවම නියම කෙරුනා. පස්වන චූදිතයා සිරගතකර සිටියදී සිය දිවි නසාගෙන තිබුණා.
මෙම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය ලිංගික අපරාධ නීතිවල පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකෙරුනු අතර 2013 වසරේදී ලිංගික අපරාධ (සංශෝධන) පනත සම්මතකර ගැනුනා. ඒ යටතේ ලිංගික හිංසනය සඳහා වන දඬුවම් වැඩිකෙරුනා.
ශ්‍රී ලංකාවටද මේ සිදුවිමෙන් ගත හැකි පාඩම් තිබෙනවා. අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම වගේම මාධ්‍ය ආචාර ධර්ම වැඩි දියුණු කිරීම ඉන් ප්‍රධානයි. ඉන්දියාවේ වසරක් ඇතුලත නඩුව විභාගකර විත්තිකරුවන්ට දඬුවම් ලබාදීමත් තවත් අවධානය යොමු කළ යුතු පැත්තක්.
|මහින්ද රුබසිංහ