ලිදේ වැටී මිය ගියේ යැයි කියන දැරියගේ මරණය මිණිමැරුමක්ද?. …

0
216

පසුගිය ජුලි 05 වැනිදා, ලිඳකට වැටීමෙන් සත් හැවිරිදි දැරියක් මිය යාමේ ශෝචනීය පුවතක් කිඹුලාපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වුණි. මෙලෙස මිය ගොස් ඇත්තේ කිඹුලාපිටිය දම්න්නගහවත්ත ප‍්‍රදේශයේ පදිංචිව හුන් ආර්.එච්.එම්. මහේෂිකා පියුමාලී දැරියයි. මිය යන විට ඇය කිඹුලාපිටිය ශී‍්‍ර මේධාංකර ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයේ , 02 වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. කිඹුලාපිටිය ප‍්‍රදේශයේ ගිණි කෙලි කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු වූ 28 වියැති චාමර මධුරංග හා කටුනායක ඇඟළුම් කම්හලක මැෂින් ඔපරේටර්වරියක් වූ 27 වියැති ආශා දිල්හානී යුවලගේ දරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා වූ  පියුමාලී දැරියට වයස අවුරුදු 06 ක් වන බාල සහෝදරයෙකුද සිටී.
තමන්ගේ පවුල් අතර පැන නැගුන ඉඩම් ආරවුලක් මත මේ යුවල සිය දරු දෙදෙනාද සමගින් මීට මාස 08 කට පමන පෙර ඔවුන් දැන් පදිංචි වී සිටින කිඹුලාපිටිය ප‍්‍රදේශයේම මෝලවත්ත දමින්නගහවත්තේ අංක 708-සී යන ස්ථානයේ කුලියට නතර වී තිබේ.  මිය ගිය පියුමාලි දැරියගේ පියා පවසන්නේ තම බිරිඳ උදෑසන රැුකියාවට ගිය පසු නැවත පැමිනෙන්නේ සවස් කාලයේ බවයි. එහෙයින් තමන් රැකියාව කරන්නේ නිවස ආසන්නයේම බැවින් ඔහු රැකියාවට  යන සෑම දිනකම මිය ගිය තම දියණිය පාසල් අවසන් වීමත් සමගම තමන් රැුකියාව කරන ස්ථානයට පැමිණෙන බව ඔහු පවසයි. එලෙසම  ළදරු පාසල් යන තම පුතුද එය නිමවී තමන් රැුකියාව කරන ස්ථානයට පැමිණෙන බවත් ඉන් පසුව සුපුරුදු ලෙස නිවසට ගොස් දහවලට කෑම පිස දරුවන්ටද දහවල් කෑම ලබා දෙන්නේ තමන් විසින් බවද ඔහු පවසයි. එදින එනම් ජුලි 05 වැනි දින තම පුතුව ලබන වසරේ සිට පාසලට යැවීමට අයදුම් පත් සැකසීම සඳහා තමන් රැුකියාවට නොගිය අතර සිය දියණියව එදින පාසල් නොයැවු බවත් එලෙසම තම පුතුද එදින ලදරු පාසල් නොයැවූ බවද ඔහු පවසයි.  එදින තමන් ඇතුළු තම දරුවන් ද දහවල් ආහාරය ගෙන සවස සිය පුතුගේ කොන්ඩය කැපීම සඳහා නිවසට මද දුරකින් පිහිටා තිබෙන සැලූන් එකට යාමට සුදානම් වු බව ඔහු පවසයි . එලෙස සුදානම් ව සිය දියණියට ඔහු පවසා ඇත්තේ  තමන් බාල සොහොයුරුගේ කොන්ඩය කපා ගෙන එන තෙක් ඊට මදක් ඔබ්බෙන් පිහිටි තමන් රැුකියා කරන ගිණි කෙලි කම්හලේ හිමිකරු වූ ප‍්‍රදීප් යන අයගේ නිවසට ගොස් සිටින ලෙසයි. එහෙත් මේ දැරිය පවසා ඇත්තේ තමන්ට පාසලේ ලබා දුන් ගෙදර වැඩක් කිරීමට ඇති හෙයින් තමන් නිවසේ රැදී සිටින බවයි. ඉන් පසු සිදු වු දේ පිලිබදව මිය ගිය දැරියගේ පියා මෙලෙස විස්තර කලේය.
‘‘ මම පොඩි පුතාගේ කොන්ඬේ කපන්න ගියේ හවස 4.20 විතර . එහෙම ගිහිං මම ආපහු එද්දී 5.30 ට විතර ඇති. ගෙදරට ආපුවාහම ගෙදර දොර ඇරලා තිබුනා. මම හිතුවා දුව මම වැඩ කරන තැනට ඒ කියන්නේ ප‍්‍රදීප් අය්යලාගේ ගෙදරටවත් ගිහිල්ල ද දන්නේ නැහැ කියලා. එහේ ගිහිං බැලූවා එහාට ඇවිල්ලත් නැහැ. පොතක් ගන්න  ඕනේ කිය කිය හිටියා . මම හිතුවා ඒක ගන්න කඬේට එහෙම ගියාද දන්නේ නැහැ කියලා. පස්සේ කඬේත් ගිහින් බැලූවා. එහේ ඇවිදිනුත් නැහැ. පස්සේ මම ගෙදර ඇවිත් ලිද ළගට ගියහම දැක්කා ලිදේ වතුරේ පොතක් පාවෙනවා. ඒ ලිද බැදලා නැහැ. කොන්තී‍්‍රට් රවුම් දාලයි හදලා තියෙන්නේ . අඩි 05 ක් විතර වතුර පිරිලා තිබුන ඒ ලිදට මම පැන්නා. පනිනවාත් එක්කම මාව වතුරේ යටට යද්දී මගේ අත් දෙකට දුවව අහුවුනා. පස්සේ එහෙම්මම මම දුවවත් අරගෙන ගොඩ ආවා. ඉන් පස්සේ තමයි දුවව ඉස්පිරිතාලෙට ගෙනාවේ’’.
මෙලෙස ලිදේ වැටී මිය ගිය තම දියණියගේ මරණය පිලිබදව යම් සැකයක් පැන නගින බව දැරියගේ පියා පවසයි. ඔහු ඒ සදහා හේතු ලෙස දක්වන්නේ තම දියණිය ලිෙ`දන් වතුර  ඇදීමට ගොස් ලි`දට වැටුනානම් ලිදේ පනිට්ටුව එක්කෝ ලිඳ ඇතුලේ තිබිය යුතුයි . එහෙත් ලිදේ පනිට්ටුව තිබු තැනම තිබීම එක් හේතුවකි. එලෙසම ඇයව ගොඩට ගෙන සිරුර තද කිරීමේදී ( උදරය සහ පපුව * මුඛයෙන් ජලය පැමිණ නැත. එලෙස සිරුර තද කිරීමේදී රුධීරය පිට වූ බවද පියා පවසයි. ලිදට වැටී නම් ඇයට අනිවාර්්‍යයෙන්ම ජලය පෙවිය යුතුය. එහෙත් ඇයට ජලය පෙවී නැත. එලෙසම රෝහලේ වෛiවරුන් පවසා ඇත්තේ දැරියගේ බෙල්ලේ සිරීම් තුවාල කිහිපයක්ම තිබූ බවයි. එලෙසම ලි`ද පිහිටා ඇති තත්වයත් ලිද කොන්කී‍්‍රට් වලලූ දමා සකස් කර ඇති පිලිවෙල අනුවත් ලිදට අහම්බෙන් දැරිය වැටුනා යැයි සැක කිරීමට නොහැකි බවද දැරියගේ පියා පවසයි. මේ හේතු කරුණු කාරනා සාධාරනව ගෙන බැලීමේදී තම දැරියගේ මරණය මිනිමැරීමක් බවට එම පියා සැකකරයි.
මේ මරණය සම්බන්ධව මීගමු රෝහලේ පැවති අධිකරණ විශේෂඥ පරීක්ෂනයේදී වෛi දයාපාල මහතා විවෘත තීන්දුවක් ලබා දෙමින් මෘත ශරීරය දැරියගේ නිවසට රැුගෙනයාමටත් අවසන් කටයුතු කිරීමටත් අවසර ලබා දී ඇත. එලෙසම සිරුරේ බාහිර තුවාල සහ සිරීම් වැනි දේ පවතින නිසා මේ  පිලිබදව වැඩි දුර පරීක්ෂනය කිරීමට සිරුරේ ඇතැම් පඨක කොටස් ලබා ගෙන ඇති අතර එම පඨක පරීක්ෂන වලින් පසු මේ මරණය සම්බන්ධව ස්ථීර  තීන්දුවක් ලබා දිය හැකි බවද ප‍්‍රකාශ කර ඇත.

මිය ගිය පියුමාලි දැරිය ඉතා අහිංසක දරුරියක් බවත් අධ්‍යාපය ලැබීමට දක්ෂ දරුවෙක් බවත් ප‍්‍රදේශවාසීන් කියයි. එලෙසම ඇයගේ ඥාතීන් පවසන්නේ ඇය නර්තනයට වඩාත් පි‍්‍රයතාවයක් දැක් වූ බවයි. පියුමාලි දැරියගේ අවසන් කටයුතු එලඹෙන ජුලි 09 වන සෙනසුරාදා සවස 4.00 ට කිඹුලාපිටියේදී සිදු කිරීමට නියමිතයි.

සටහන – තුෂාර රොහාන්P1080778 new