ලිපියකට පිළිතුරක්වත් එවන්න බැරි මිගමු ප්‍රාදේශිය ලේකම්තුමියට චෝදනාවක් ?

0
443

යකාගේ හැටියට විමානේ යැයි කථාවක් තිබේ. එය කදිමට ගැලපෙන්නේ මිගමුවටදැයි හිතෙන තරමට දේවල් දැන් එහි සිදුවෙමින් තිබේ.
දේශපාලන අධිකාරිය පිනවිමට පමණක් කටයුතු කරන බහුතරයක් රාජ්‍ය නිළධාරින් ඉන්න නගරයක් ලෙස මිගමුව දැන් සමස්ත පරිපාලන ක්ෂේත්‍රය තුලම කථා බහකට ලක්වෙමින් තිබේ.
මේ නිසාම මිගමුවේ ඇතැම් රාජ්‍ය නිළධාරින් ජනදුක ගැන කියා අතේ භාරදුන් ලිපියකට මාසයක් යන තුරුත් පිළිතුරක් එවිමට තරම්වත් වෘත්තිය සදාචාරයක් නැති අය බවට පත්ව ඇති දැන් හෙළිවි තිබේ.


වෙරළ ඛාදනය හේතුවෙන් අවතැන්වු ධිවර පවුලක අසරණකම ගැන ධිවර ප්‍රදේශයක නාගරික මන්ත්‍රිවරයෙකු වු සංගීත් පෙරේරා විසින් ලිපියක් මිගමුව ප්‍රාදේශිය ලේකම් අයේෂා පතිරණ හට අතින්ම ගොස් භාර දි තිබුනේ පෙබරවාරි 09 වනදාය.දැන් මසක්ද ඉක්ම ගොස් තිබුණද එයට කිසිදු පිළිතුරක් එවිමට ඇය කටයුතු කර නැතැයි අප කළ විමසුමකදි නාගරික මන්ත්‍රිවරයා පැහැදිලි කර සිටියේය.
මහජන නියෝජිතයෙකු ලිඛිතව රාජ්‍ය නිලධාරිණියක් වෙත යොමුකරන ලද ලිපියට මසක් ඉක්මන තුරුත් නිසි ප්‍රතිචාරයක් ලබාදිමට අපොහොසත් වන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
අනුරාධපුරය වැනි දුෂ්කර පළාතකින් පැමිණි මිගමුව ප්‍රාදේශිය ලේකම්වරියට ජනදුක අමතක වෙමින් තිබිම සැබෑම බේදවාදකයකි.

mde