ලියාපදිංචි නොකල හෝටල් වල සිදු වන අපරාධ

0
76

123456789කිළිනොච්චි නගරයේ හා ඒ ආසන්න ප්‍රදේශ වල ලියාපදිංචි නොකල හෝටල් වල විවිධ අපරාධ සිදු වන බව එම ප්‍රදේශ වල සිටින ජනතාව චෝදනා එල්ල කර තිබේ. විශේෂයෙන් කනගපුරම් වීදියේ ක්‍රියාත්මක කර ගෙන යන ලියාපදිංචි නොකල හෝටල් කිහිපයකින්ම රැකියා අවස්ථා ලබා දෙන බව පවසා අවට ප්‍රදේශ වලින් තරුණියන්වරැගෙන ඇවිත් ලිංගික අපයෝජනයට ලක් කර ඇත. මෑතකදී එම හෝටල් සමූහය අතරින් එක් හෝටලයක් වන කරඩිපෝක්කුසන්ධි ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික හෝටලයක තබා වයස අවුරුදු පහළොවක් වූ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විරෝධය ඵල කර ඇත. මෙවැනි ලියාපදිංචි නොකල හෝටල් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රදේශ වාසීන් විසින් අදාළ බළධාරීන්ගෙන් ඉලලා සිටිති.


උපුටා ගැනීම /www.tamilwin.com/කැලුම් ඉෂාර