ලිවීමේ කලාවට කැමති ඔබට මහඟු අවස්ථාවක්

0
275
 0692a4e584defe6544ca2abbf7dd2502_XL
පුවත්පත් කලාව
සාහිත්‍ය කලාව
ඉගෙනගෙන
හොඳ ලේඛකයෙක් වන්න.
වයස් සීමාවක් නැත.
අධ්‍යාපන සුදුසුකම් අදාළ නොවේ.
මූලික සුදුසුකම ලස්සනට ලියන්න ඇති කැමැත්තයි.
මෙය ප්‍රායෝගික අභ්‍යාසවලින් සමන්විත අංග සම්පූර්ණ තෙමස් පාඨමාලාවකි.
සති අන්තයේ පැවැත්වෙන හෙයින්   අධ්‍යාපනය  ලබන අයටද රැකියාවල නියුක්ත වූවන්ටද සහභාගි විය හැකිය.
පාඨමාලාව සම්පූර්ණ කරන අයට පිළිගත් සහතිකයක් පිරිනැමේ.
පාඨමාලා කාලයේ දී සහ ඉන්පසුව තම ලිපි රචනා සහ නිර්මාණ ජනමාධ්‍යයෙන් පළ කිරීමේ අවස්ථාව ලැබේ.
පුවත්පත් කලාවට පිවිසීමට කැමති අයටද පුවත්පත් කලාවේ නිරත ආධුනිකයන්ටද නිර්මාණකරණයෙහි දුහුනන්ටද මෙය මහඟු අවස්ථාවකි.
පාඨමාලාවේ අන්තර්ගතය
1.ප්‍රවෘත්ති,විශේෂාංග,ගවේශනාත්මක වාර්තා,තීරු ලිපි,පාරිසරික වාර්තා,කතුවැකි,උපහාස ලිපි සම්පාදනය.
2.අපරාධ සහ අපයෝජන වාර්තාකරණය
3.සිය දිවි නසා ගැනීම් වාර්තාකරණය
4.ගැටුම් වාර්තාකරණය
5.පුවත්පත් ආචාරධර්ම
6.ඡායාරූප වාර්තා
7.නිර්මාණාත්මක ලේඛන[කවි,කෙටිකතා සහ රසවින්දන සටහන්]
පාඨමාලා කාලය මාස තුනයි.
ආරම්භය 2019.08.04 සෙනසුරාදා ප.ව.2.00
සෑම සෙනසුරාදා දිනකම ප.ව.2.00 සිට ප.ව.5.00 දක්වා දේශන සහ ප්‍රායෝගික අභ්‍යාස පැවැත් වේ.
පාඨමාලා ගාස්තුව රු.12000.00
ලියාපදිංචි ගාස්තුව රු.500.00
පාඨමාලා ගාස්තු එකවර ගෙවීමට අපහසු අයට වාරික තුනකින් ගෙවිය හැක.
තමා විසින් සකස් කරන ලද අයදුම්පත්‍රයක් පහත සඳහන් ලිපිනයට හෝ ඊ මේල් ලිපිනයට එවන්න.
පුවත්පත් කලාව සහ නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව
පල්ලියගුරු සර්විලන්ස් ටීචින් ඉන්ස්ටි ටියුට්
224,සාන්ත ජෝශප් පාර
තෙල්වත්ත හන්දිය
මීගමුව