” ලීලාවතී”

0
358

කාමච්චෝඩේ ඉරිදා  පොළේදී හමුවුණ මේ අම්මාගේ නම ” ලීලාවතී ”
ලීලාවතී මේ පොළට එන්ඩ පටන් අරන් තියෙන්නේ අවුරුදු 31 කට කලින්.
ගම මිනුවන්ගොඩ කිට්ටුව.
ඒ කාලේ මේ මාර්කට්  තිබිලා නෑ, මෙතන තිබුණ ලොකු ගහ වටේ ඉදගෙන තමයි වෙළදාම කෙරුවා කියන්නේ.
එයා ලග අතිරස වගේම ඒවා හදන්ඩ ඕනා පිටි වර්ග සේරම තියෙනවා.
හාල්පිටි, කුරක්කන් පිටි, අග්ගලා පිටි, උළුදු පිටි, මංඤෛාක්කා පිටි, ඕලු පිටි ගොඩාක් දේවල්. හැබැයි දෙන්නේ කැටෙන්.
ලංකාවට කොච්චර ෆුඩ් සිටි ආවත්, මේ ලිලාවතී අම්මලාට  ජීවත්වෙන්ඩ නම් හැමදාම පොළට එන්ඩ වෙනවා.  මොකද සමහර අය හිතනවා සුපර්මාර්කට් හැදෙන තරමට රට දියුණුයි කියලා.
ඒත් පොළට ගියොත් තේරෙනවා ලංකාවේ දියුණුව තියෙන්නේ කොතනද කියලා.
හරිනම් මේ වගේ අම්මලා මේ වයසට ගෙදර ඉන්ඩ ඕනා. ඒ විතරක්ද එයාලට නොමිළේ වෙළදාම කරගන්ඩ ඉඩදිලා සහනයක් සලන්ඩ ඕනා. ඒ හෙම නෙමේනේ වෙන්නේ, ලීලාවතී අම්මා මිනුවන්ගොඩ ඉදන් මීගමුව කාමච්චෝඩෙට එනකම් එයා අතරමැදියෝ කී දෙනෙක්ට  කු මුදල් දෙන්ඩ ඕනද ?
ඨු කොයි තරම් ” සුපර් ” මාර්කට් ගියත් ලීලාවතී අම්මාගෙන්  එකපාරක් කුරක්කන් කැටයක් ගත්තහම ඇතිවන සතුට නම් ලබන්ඩ බැහැ.

ජසින්තා නිර්මලී

2015-04-26 13.51.08 2015-04-26 13.51.532015-04-26 13.52.00
2015-04-26 13.49.462015-04-26 13.49.462015-04-26 13.47.12