ලුණුකඩ හංදිය දුම්රිය හරස් මගේ නඩත්තු පටන් ගන්න තවත් අනතුරු කියක් ඇවැසිද ?

0
83

 

lunukada-juntion-768x576( 2.30 pm )මීපුර වෙබ් අඩවිය  විසින්  අවස්ථා  ගණනාවක්   මගින්   ලුණුකඩ  හංදියේ   රේල්  ගේට්ටුව අසල ඇති  අබලන් තත්ත්වය පිළිබදව හා එහි   අවධානම ගැන  බලධාරීන්  ගේ  අවධානයට  යොමුකළ  අතර     මෙම  හංදිය  ප්‍රතිසංස්කරණය   සදහා  තවත්  අනතුරු  කීයක්   අවශ්‍ය ද   යන්නකාරණය මතුකරන ලදී.  මේ  පිළිබදව  මාර්ග  සංවර්ධන  අධිකාරියේ   තාක්ෂණික නිලධාරී මහතා  වන  ජයසිංහ  මහතා ගෙන්  විමසූ  විට  ඔහු  සදහන්  කළේ මේ  මස  10 හෝ  11   මහා  මාර්ග  සැළසුම්  අංශයෙන්  පැමිණ  විමසීමක්  කළ බවයි.  එමෙන්ම  මාර්ග  සංවර්ධන  අධිකාරියේ  ඉරේෂා  ප්‍රනාන්දු  මහත්මිය  ප්‍රකාශ කළේ  මහාමර්ග  සැළසුම්  අංශයට  ඉදිරි  කටයුතු  භාරදී  ඇති  අතර  ඔවුන්
මේ  වන විට  එහි  කටයුතු  කරගෙන යමින්  සිටින  බවයි. මේ  සදහා නැවත  අළුතින්  සර්වේ  එකක් කර   ඩිසයින් කරන බවත්  මෙහිදී  විදුලි  කනු වලද  වෙනසක්  සිදුවන  බවත්  ඉරේෂා  මහත්මිය  සදහන්  කළාය.  කෙසේ  හෝ  ජනතාව  වෙනුවෙන්  මෙම  ස්ථානය  පිළිසකර  කරණ  තුරු  අපි  විමසිල්ලෙන්  සිටින්නෙමු.
.