ලුණුවිල රෝහලේදී  වැරදීමකින් දැරිවියකට මීතයිල් පොවලා?

0
406

පසුගිය 18 වනදා වෙන්නප්පුව –  ලුණුවිල ප්‍රාදේශිය රෝහලේදී  ප්‍රතිකාර සඳහා රෝහල්ගතවී සිටි සිඟිති දැරියක ට හෙදියක් විසින්  අත්වැරදීමකින් මීතයිල් දියරය පානය කිරීමට දී ඇති බව වාර්තා වූ අතර පසුව අසාධ්‍ය වූ දැරියව කොළඹ ළමා රෝහලට ඇතුල් කර ඇත.  රයිනි යෙෂාරා ප්‍රනාන්දු (4) වන මෙම ගැහැණු දරුවා ලුණුවිල රෝහලට ඇතුළත් කර ඇත්තේ සුළු තුවාලයක් සිදුවීම හේතුවෙනි.  මීතයිල් පානය කිරීම නිසා එතරම් අසාධ්‍ය ත්ත්වයක් දැරියට උදාවී නැති බව රෝහල් ආරංචි මාර්ග වලින් පසුව දැනගන්නට ලැබුණු අතර මෙවැනි බරපතල අත්වැරදීමක් සිදුවූයේ කෙසේද? යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් රෝහල තුළ සිදුවිය යුතුය.
lunuwilla hos



තොරතුරු :  ලංකාදීප වෙන්නප්පුව වාර්තාකරු චන්දන ප්‍රනාන්දු මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.