ලුණු කඩ හංදියේ රේල් ගේට්ටුව අනතුරුවලට අතවනයි ?

0
173

මීගමුවේ ආවෙ මරියා පාර සහ කොප්පරා හන්දිය දක්වා දිවෙන ප්‍රධාන පාරේ ලුණු කඩ හංදිය දුම්රිය හරස් මග නිතර අනතුරු සිදුවන ස්ථානයක් බවට පත්වී ඇත . මෙහි තාර පාර හරහා යන යකඩ රේල්පීල්ල ලිස්සන සුළුය. තාර පාරත් රේල් පීල්ලත් අතර වලවල් හෑරීමෙන් මෙකී ස්ථානය කඩතොළු වී ඇතිනිසා වාහන ගමන් කල යුතුව ඇත්තේ ඉතා ප්‍රවේශමෙනි.

සිව් දිසාවකින් ගමනා ගමනය සිදුවන නිසා මෙම ස්ථානයේ නිතර තදබදයක්ද පවතී . මෙය තවත් බරපතල වන්නේ මෙහි ක්‍රියාත්මකව තිබුණු ගේට්ටුවද යතුරු පැදියක ගැටී කැඩී යාමයි. මෙහි තිබුණු පරණ මුර මඩුවද කඩාදමා මෙම ස්ථානය ස්ථවර ලෙස නැවත සකස් කරන බව අදාල බලධරයෝ අතර සූදානමක් තිබුණු නමුත් මේ සඳහා වසර ගනනාවක් පසුවූ නමුත් ස්ථිර විසඳුමක් තවමත් දක්නට නැත .
සැම්සන් ඥානසිරි