ලෙඩුන් තවත් ලෙඩ කරවන මීගමු රෝහලේ කෑමවේල ?

0
194

මීගමුව ,රෝහලේ වාට්ටුවල සිටින රෝගීන් සඳහා සපයන ආහාර සම්බන්ධව පසුගිය කාලයන්හිදී විවිධ අවස්ථාවල චෝදනා එල්ලවී තිබිණ . ඉන් ප්‍රධාන එකක් ලෙස දක්වා තිබුණේ අපිරිසිදු කමයි.

රෝහලේ මේ වනවිට ලෙඩුන්ට සපයන කෑම වේල සකසන හාල ලෙඩුන් සඳහා නුසුදුසු බවට තොරතුරු ලැබී ඇත. රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙකු අප සමග ප්‍රකාශ කළේ ලෙඩුන් සඳහා පුන්නි නමින් වු හාලකින් බත සකසන බවය. මෙකී බත ආහාරයට ගැනීම නිසා සමහර අයට බඩදැවිල්ල ආදී විවිධ සංකූලතා හට ගන්නා බව පවසයි.

මෙම හාල අඩුමිලකට ගතහැකි නිසා මෙසේ ලෙඩුන්ගේ බත්පත මගින් තමන්ට වාසියක් ලබාගැනීම අරමුණු කර ගන්නා බව සමහරු පවසති . මීට ඉහත මේ සඳහා යොදාගෙන ඇත්තේ රතුනාඩු සහ සම්බා වැනි අහිතකර නොවන වර්ගයේ සහල්ය.

මීගමුව මහ රෝහල යනු මීගමුව අවට පමණක් නොව ලංකාවේ ප්‍රදේශ ගනනාවක ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු සිදුවන වැදගත් රෝහලකි. එවන් පසුබිමක මෙසේ ආහාර වේල නිසා නම කිලිටිවීම කණගාටුවට කරුණකි .

එබැවින් අප මෙහි නිසි බලධාරීන්ට අවධාරණය කරන්නේ වහාම එම තත්වය වෙනස් කර ලෙඩුන්ට නිසි ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන ලෙසය.
සැම්සන් ඥානසිරි