ලෙඩ නම් පාට වෙනස් වෙන කොන්ඩම් එකක් ??

0
115

එංගලන්තයේ තරුණයන් පිරිසක් නිර්මාණය කරලා තියන අලුත්ම කොන්ඩම් වල පාට වෙනස් වෙනවලු. එහෙම වෙන්නේ ලිංගාශ්‍රිත රෝග කාරකයක් තියනවනම් විතරයි. මෙය නම් කරලා තියෙන්නේ S.T. EYE කියලා. මේක ඇතුලේ තියන සංවේදකයෙන් ක්ලැමිඩියා , සිෆිලිස් වැනි රෝග හඳුනාගන්න පුළුවන්. එවැනි ආසාදන තත්වයකට බලපාන බැක්ටීරියා මේ කොන්ඩම් එකට සංවේදනය වෙච්ච ගමන් මේකේ වර්ණය වෙනස් වෙනවා.

image l7iQoJum

Essex වල අයිසැක් නිව්ටන් අධ්‍යන ආයතනයේ Daanyaal Ali (14), Muaz Nawaz(13) සහ Chirag Shah (14) කියන තුන්දෙනා තමයි මේ නව සොයාගැනීම සිද්ධ කරලා තියෙන්නේ. ගොඩක් සංකීර්ණ පර්යේෂණ වලට භාජනය නොවී ලිංගාශ්‍රිත රෝග හඳුනාගෙන එයින් ආරක්ෂා වීමේ ක්‍රමයක් නිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ මූලික අරමුණ වුණේ.

std detecting condom 2

මොවුන්ගේ මේ නව අදහස ලන්ඩන් නුවර පැවති TeenTech සම්මාන උළෙලේ හොඳම සෞඛ්‍ය ආශ්‍රිත නිර්මාණයට හිමි කිරුල හිමිකරගත්තා.
මේ පිළිබඳව අදහස් දක්වපු Daanyall පවසා සිටියේ මේ නිර්මාණය අනාගත පරපුර ආරක්ෂා කරගැනීම සඳහා බවයි. ” අපිට අවශ්‍ය වුණේ මේ රෝග හඳුනාගෙන මිනිසුන් ඉන් ආරක්ෂා කර ගැනීමේ මාර්ගයක්. මේ නව නිර්මාණය නිසා බොහෝදෙනෙකුට පෞද්ගලිකවම අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට ඉඩ ලැබෙනවා ” ඔහු වැඩි දුරටත් පැවසිය.

මේ කණ්ඩායමට $2041(£1000) ක ත්‍යාග මුදලක් හිමිවුණ අතර බකිංහම් මාලිගාවට යාමටත් අවස්ථාවක් හිමිවුණා.

09cecdfd3b6ab71d661892a985c8d08c

උපුටා ගැනිම – www.sira.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here