ලෙඩ සුව කරන්න ජාන තාක්ෂණය යොදගැනීමට තීරණයක්..

0
507

screen-shot-2013-04-13-at-20-57-33

ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් සකස්කර ලබාදෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

සති දෙකක කාලයක් ඇතුළත වාර්තාව බාර දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.  අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ජාන තාක්ෂයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මෙරට ක්‍රියාත්මක කිරීමට සෙඛ්‍ය අමාත්‍යවරයා තීරණ්‍ය කර තිබෙනවා. මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වුණා.

මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට ද නියමිතයි.  මේ පිළිබඳ පුහුණුව ලැබූ වෛද්‍යවරු 11ක් ශ්‍රි ලංකවේ සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විදේශ ගතවී සිටිනවා.

ඔවුන් කියා සිටියේ මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.  මෙහිදී රෝගය ඇතිවීමට බලපාන සෛලවලට සහ වෛරස්වලට ප්‍රතිකාර කිරීම විශේෂත්වයක්.  අමෙරිකාවේ බේලර්, රයිස් සහ හුස්ටන් යන විශ්වවිද්‍යාලවලදී වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබාදීමට ද නියමිතයි.

මෙම ප්‍රතිකාර ක්‍රමය එම විශ්වවිද්‍යාලවල දැනට භාවිතා කරනු ලබන අතර පිළිකා ඇතුළු රෝග රැසකට ජානා තාක්ෂණයෙන් ප්‍රතිකාර කළ හැකි බවයි, සෞඛ්‍ය අමත්‍යවරයා පවසන්නේ.

 

උපුටාගැනීම – http://www.rupavahininews.lk