”ලෙයිටන් පිටිය” මන්ත්‍රිවරයෙක් බලෙන් අල්ලයි?

0
86

thugsමීගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ලෙයිටන් පිට්ටනිය ඒ අවට ජනයා විසින් ක්‍රිඩා කිරිම සදහා දැනට කාලයක සිට යොදාගනිමින් ඇති ක්‍රිඩා පිටියකි.
එහෙත් හදිස්සියේම එහි පැමිණි මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරයෙක් සහ ඔහුගේ  ආධාරකරුවන් පිරිසක් එහි ඉබි යතුරු දමා එළඹෙන නත්තල් සමයේ එය රථ ගාලක් බවට පත්කිරිමට කටයුතු කරමින් තිබෙන බව වාර්ථා වේ.
සාමාන්‍යයෙන් මෙසේ ක්‍රිඩා පිටි බද්දට දිමක් සිදු නොවන අතර මේ පිට්ටනිය සම්බන්ධයෙන් එවැනි කිසිදු ටෙන්ඩරයක් නගර සභාවට ඉදිරිපත්ව නැතැයි මීගමුව එජාප සංවිධායක නාගරික මන්ත්‍රි රොයිස් විජිත පවසා සිටියි.
මේ සම්බන්ධයෙන් අුප කළ විමසුමකට පිළිතුරු දුන් නගරාධිපති  ඇන්ටනි ජයවිර පවසා සිටියේ මෙම පිට්ටනිය රු 17000 පමණ මුදලක් ගෙවා කොමසාරිස්තුමා හෝ ගණකාධිකාරි මගින් අදාල මන්ත්‍රිවරයා ලබාගෙන ඇති බවය.
ටෙන්ඩර් කිරිමක් සිදුකර නොමැති බවද ඔහු පිළිගත්තේය.