ලෙල්ලමෙන් පාරට වැටුනු මාළු වෙළඳාම….

0
385

IMG-20201128-WA0003

කොරෝනා වසංගත තත්වය නිසා මීගමුවේ ධීවර ජනතාව පසුගිය දිනවල දැඩි අපහසුතාවයකට පත්විය. තමන් අල්ලන මාළු ටික විකුණා ගැනීමට නොහැකිවීමේ ගැටළුව නිසා මුහුදට ගොස් රැකියාව කිරීමට ඔවුන් තුළ පෙළඹවීමක් නොතිබින. මුහුදට ගොස් රැකියාව කිරීම සඳහා වියදමක් දැරීමට සිදුවේ . ඉන් ප්‍රධාන වන්නේ ඉන්ධන වියදමයි. ඒත් සමඟ ඇම්වලට සහ අනෙකුත් වියදම් දැරීමට සිදුවේ. නමුත් කෙසේ හෝ තම ජීවිතය ගැටගසා ගත යුත්තේ මේ රැකියාව තුළින්ය. එනිසා මද වශයෙන් හෝ රැකියාවේ යෙදී මාළු ඇල්ලූ නමුත් විකුණා ගැනීමේ අපහසුතාවය නිසා ඉතා අඩු මුදලකට විකුණා කීයක් හෝ අතට ලබා ගැනීමටද සිදුවූ අතර ලෙල්ලම තහනම්වූ නිසා මාළු ටික පාරට රැගෙන විකිණීමට සිදුවිය. එසේම තමන් මුහුණ දෙන ප්‍රශ්ණ විසඳා ගැනීම සඳහා කිසිදු බලධාරියෙකු ඉදිරිපත් නොවූ බව ඔවුන් ප්‍රකාශ කරයි. මීගමු ලෙල්ලම් තහනමට ලක්වූ නිසා කොතලාවල පාලම අවට පාර අවහිර වනසේ මාළු වෙළඳාමේ යෙදුනේ එබැවිනි.
මේ වනවිට පලඟතුරය ප්‍රදේශයේ යම් ප්‍රමාණයකට ගැටළු විසඳා ගනිමින් ධීවර ජනතාව මාළු විකිණීමේ යෙදෙන ආකාරය දැක ගත හැකිවිය. පාපැදි , යතුරු පැදි වලින් පැමිණෙන වෙළෙන්දෝ සහ එදිනෙදා ආහාරය සඳහා මාළු මිලදී ගන්නා පිරිසද ක්‍රමයෙන් පැමිණ මෙසේ පාරේ සිටින වෙළෙන්ඳන්ගෙන් මාළු මිලදී ගනිති. මිල ගනන්ද සාධාරණ බව දැකිය හැකිවිය.
මේ අනුව ….(කිලෝව )
*මීවැටි වර්ග (ලොකු )- රු. 700/

*මීවැටි (පොඩි)- 400/
*ඕරාව -390/
*හාල්මැස්ස -200/
*හුරුල්ල – 400/
*සූඩය – 100/
*පන්නාව – 350/
*බෝල්ලු – 350/

යනාදී වශයෙන් විවිධ මාළු වර්ග ලබාගැනීමට හැක.
එසේම පලඟතුරේ ,බසි මුල්ල සහ ⁣කුරුස ගහ මුල්ල ,පලඟතුරේ යන මාළු ලෙල්ලම් ක්‍රමයෙන් සක්‍රීය තත්වයට පත්වෙමින් ඇත.