Articles ලෙල්ලමේ අයිතිය වෙනුවෙන් පල්ලිය අධිකරණයට ? By fgamage - 2018 May 18 0 190 FacebookWhatsApp මීගමුව – පිටිපන ලෙල්ලමේ අයිතිය සම්බන්ධයෙන් නඩු විභාගයක් අද මීගමුව දිසා අධිකරණයේදී පැවැත්විණි. කතෝලික සභාව විසින් පවරන ලද අංක 7140 දරණ නඩුවේ මීගමු උසාවියේ අද දින පැවැත්වූ නඩුවාරය සදහා එහි සභාපති අරුණ රෝෂාන් මහතා සහ සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. පැමිණිල්ල වෙනුවෙන් කතෝලික සභාව නියෝජනය කරමින් ගරු සිස්වාන්ද කෲස් පියතුමා සහභාගී වූ අතර එසේම සෝසා නම් නීතීඥ මහතා පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් විය. විත්තිය වෙනුවෙන් සුනිල් කුරේ නීතීඥ මහතා සහ කුමාරි පීරිස් නීතීඥ මහත්මිය ඉදිරිපත් විය. මෙම නඩුවේ නැවත අගෝස්තු 20 වනදාට කල්තැබිණි.