ලෙල්ලම අරියි ! සිල්ලර මාළු අලෙවි සැල් වසයි ?

0
312

ආණ්ඩුවේ පයිත්තියන් නිරෝධායන ඇදිරි නිති කළමණාකරණය තව දුරටත් ජනයාත් ආර්ථිකයත් අපහසුවට පත්කරමින් තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මහජනයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිම සදහා කිසිදු ක්‍රියාත්මක වැඩපිළිවෙලක් නැතිවම නිරෝධායන ඇදිරි නිතිය පවත්වාගෙන යාමය.
ජංගම බෙදාහැරිම් සදහා දැන් අවසර පත් ලබාදි ඇති බවක්ද නොපෙනේ.
දැන් වඩාත් විහිළු සහගත කරුණ වන්නේ තොග වෙළදාම සදහා යැයි කියමින් ලෙල්ලම් මිගමුවේදි විවෘත කිරිමට අවසර ලබා දුන්නද එහි පැමිණ තොග වශයෙන් මාළු රැගෙන යන සිල්ලර මාළු අලෙවි සැල් විවෘත කිරිමට පොලිස් බලධාරින් විසින් ඉඩ ලබා නොදිමය.
පසුගිය දිනවල කටානේ පොලිස් ලොක්කන් විසින් මේ ආකාරයෙන් මාළු අලෙවි සැල් මෙන්ම ඒළවලු කඩද වසාදමන ලෙස නියෝග කර තිබුණි.
ආර්ථික මධ්‍යස්ථාන දින 2 ක් විවෘතව තැබුනේ තොග අලෙවිය සදහාය.
ඒසේ නම් තොග වශයෙන් එළවළු රැගෙන එන වෙළෙන්දන් ඒවා සිල්ලට විකුණන්නේ කෙසේද ?
කිසිදු ප්‍රයෝගිකත්වයක් නැති පිස්සන්නට හැතැක්ම නැති ආකාරයෙන් සියල්ල සිදුවෙමින් තිබේ.
පවතින වසංගත තත්වය හමුවේ සිරුරේ ප්‍රතිශක්තිය ඉහල මට්ටමක පවත්වාගෙන යාමට එළවළු මාළු නිතර අනුභව කළ යුතුයැයි වෛද්‍යවරුන් නිරන්තරයෙන් උපදෙස් ලබා දෙද්දි රටේ අඩුම මිළට ප්‍රෝටින් ලබාගැනිමට හැකියාව ඇති මාළු පාරිභෝජනයට ජනතාවට ඇති ඉඩ අහුරා ඇත්තේ මේ රටේ බලධාරින්ම විසිනි.