ලෙස්ටර්ගේ 96 වෙනි ජන්ම දිනය අදයි. දේශපාලකයෝ අදත් කේක් කපා ආපසු යනු ඇත

0
86

lester j 2lester j

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

ගතින් මඳක් දුර්වල වුවද ඔහු සිතින් තවමත් ජීවත් වන්නේ සිනමාව සමඟය. අදටත් ඔහු කතා කරන්නේ සිනමාව ගැනය. සිනමාවෙන් තොර ජීවිතයක් ඔහුටවත් ඔහුගේ දයාබර බිරිඳ සුමිත්‍රා පීරිස්ටද නැත. ඔවුන් මුළු ජීවිතයම සිනමාවටම කැප කළ බැවින් ඔවුන්ට මහා මන්දිර ඉදිකරමින් අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන්නට උවමනාවක් නොවීය. එහෙයින් ඔවුන් තවමත් ජීවත් වන්නේ ඩික්මන් පාරේ (අද එය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතය) එදා සිටි කුලී නිවෙසේමය. ඒ නිවසද අදත් දැනට වසර ගණනාවකට තිබූ අයුරිනි. එහි  ගෙවත්තද ගෘහ භාණ්ඩද තවමත්  වසර ගණාවකට පෙර තිබූ ලෙසින්ම කිසිදු වෙනසක් නොමැතිව පවතින්නේද එහි වෙසෙන ලෙස්ටර් -සුමිත්‍රා යුවලගේ අතිශය සරල ජීවන රටාව මූර්තිමත් කරන්නාක් මෙනි.

සිනමාව වෙනුවෙන් තමන් සතු ඉඩකඩම්ද විකුණා දැමූ ඔවුන්  හැමදාමත් අපේක්ෂා කළේද මේ රටේ සිනමාවේ අභිවෘධිය ගැනය.  මෙතෙක් මේ රටේ සිනමාව රැක ගන්නට නම් සිනමා සංරක්ෂනාගාරයක් ඉදිකළ යුතු බව ලෙස්ටර් අවධාරණය කළේ දැනට දශක ගණනාවකට පෙර සිටය. තමන්ගේ ජීවිත කාලය තුළ ඔහු දුටු එකම සිහිනය එයම වීය. ඔහුගේ උපන් දිනයදා නිවසට අවුත්  කේක් කපා සුබ පතා ගිය කසිදු රාජ්‍ය නායකයකු ඒ සිහිනය ඉටුකරන්නට පෙරමුණ ගත්තේ නැත.

(94 වැනි විය පසු කරමින් සිටි අවස්ථාවේදීත්ලෙස්ටර්  සමනල සංධවනිය බලන්නට පැමිනි  දා)

පසුගිය ආණ්ඩු සමයේ රටපුරා මාර්ග සංර්වර්ධනයට  බිලියන ගණන් යට කළ එහි නායකයන් ලවා මෙම ජාතික අවශ්‍යතාව ඉටු කරන්නට ඔහු වටා සිටි ඊනියා කලාකරුවන්ටද උවමනාවක නොවීය. ඇතැමෙකුට එහි උවමනාව තිබුනද ඒ සඳහා සක්‍රීය ලෙස දායකවන්නට අසමත් විය.

ඒ වෙනුවට ඔවුන් කළේ සිනමා සංරක්ෂනාගාරයක්  පිහිටුවන බව කියා ජාතික ලේඛණාරක්ෂණා ගාරයේ කොටසක තවත් සිනමා ගබඩාවක් පිහිටුවා ලෙස්ටර් -සුමිත්‍රා යුවලගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කොට ලොකුම විහිළුවකට දායකවෙමින් ලෙස්ටර්ගේ සිහිනය කවදාවත් ඉටු නොකරන බවට ඔහුගේ ඇස් පනාපිටම සනාථකිරීමකි.

අදටත් ජාතික සිනමාවක් ගැන කතා කරන කිසිවෙකුටවත් මේ ජාතික වුවමනාව ඉටු කරන්නට කිසිදු උවමනාවක් නැත. එයින් තේරුම්ගත හැකිවන්නේ ලෙස්ටරගේ උපන් දිනයදා පමණක් ඔහුගේ නිවසට පැමිණ කෙක් කපා යන කිසීදු දේශපාලකයකුට හෝ කලාකාරයෙකුට හෝ මේ මහා පුරුෂයා දුටු සිහිනය ඉටු කර ඔහුට නිසි ගෞරවය කරන්නට උවමනාවක් නැති බවකි. එහෙයින් ඔවුන් අද දිනත් කේක් කපා ලෙස්ටර් වැලඳගෙන රූපවාහිනි කැමරා ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පා අපසු යනු ඇති අතර  ඔවුන් ගිය පසු යළිත් ලෙස්ටර් -සුමිත්‍රා යුවල සුපුරුදු පරණ ගෘහයේම හුදෙකලාව වෙසෙමින් සිනමාව වෙනුවෙන්ම තව දුරටත් ජීවත් වෙනු ඇත.

-gunasiri silva

http://www.lankalivestar.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here