ලේඛිකා, අමතුර් රහීම් සමුගනියි !

0
50



මීපුර වෙබ් අඩවියේ ලේඛිකාවක් වූ අමතුර් රහීම් කිචිලාන් මහත්මිය අද අළුයම ජීවිතයෙන් සමුගත්තාය. දළුපත ග්‍රාමයේ ජීවත්වු ඇය මියයන විට හැත්තෑපස් වන වියේ පසුවූවාය. වෘත්තියෙන් ගුරුවරියක්වූ අමතුර් රහීම් මහත්මිය අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම කලා ක්ෂේත්‍රය හා සාහිත්‍ය ක්ෂේත්‍රෙය් විශේෂ දස්කම් විදහා දක්වමින් සමාජයට විශාල සේවයක් කළ ගුරු මාතාවකි. විශ්‍රාම ගිය පසු විවිධ මාධ්‍යයන් වෙත ලේඛන හැකියාවෙන් දායක වූ ඇය මීපුර පුවත්පතට ලිපි සම්පාදනය කරමින් අප සමඟ ඉතාම සහයෝගයෙන් වසර ගණනක් පුරා කටයුතු කළාය. ඇය සිංහල හා දෙමළ මාධ්‍ය වලින් ලේඛනයේ නිවරත වු අතර මිපුර පුවත්පතට මෙන්ම වෙබ් අඩවියටද සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශනයේ නියැලුණාය. කෙටිකතා ,කවි , නිර්මාණ රාශියක් ඇය අතින් ලියවී ඇති අතර මීගමුව සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇය ඒ වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබුවාය. එමෙන්ම ඇය කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. වසර ගණනක් අංශ භාග රෝගයෙන් පෙළුන ඇය කිසිවිටකත් සිය ලිවීමේ ආශාව හෝ අභ්‍යාසය අහිමිවීමට ඉඩ නොතබමින් සිය උපරිම ශක්තියෙන් , ක්‍රියාකාරීවූ වූ එක් අතක ඇගිලි කිහිපයකින්ද ලීවීම කරගෙන ගියාය. එයින්ද නොනැවතුන අමතුර් රහිම් අන්තර්ජාලයෙන් සන්නිවේදනය කිරීම ද ආරම්භ කළාය. වසර ගණනක් ශාරීරිකව එක්තැන් වුවත් ගුරු මාතාවක් ලෙසත්, යෙහෙලියක් ලෙසත් සිය සාමාජීය මිතුරන් අත්නොහැර අප සමග සංවාද කරමින් ,අපට අත්වැලක් මෙන්ම ධෛර්්‍යක් වූ කාන්තාවක් වූවාය.ඇයගේ හදිසි වියෝව පිලිබදව අපගේ කණගාටුව පුදකරමු. එවැනි හෘද්‍යාංගම මිතුරියකගේ වෙන්වීම පිරිමැහිය නොහැකි හිස්තැනකි.

අමතුර් රහීම් ,
ඔබට සුබ ගමන් !
මීපුර කන්ඩායම