ලේයිටන් කුසලාන, බොක්සින් තරඟාවලියේ අවසන් මහා තරඟ මීගමුව,වෙරළ උද්‍යානයේදී. …

0
50

 

ලේටන් කුසලාන (LAYTON CUP) බොක්සින් තරඟාවලියේ අර්ධ අවසන් සහ අවසාන මහා තරඟ ඔක්තෝබර් 04 වැනි සිකුරාදා දින සවස 4.00 ට මිගමුව වෙරළ උද්‍යානයේදී ආරම්භ වේ. ඒ අනුව ඔක්තෝබර් 04 වැනි සිකුරාදා සහ 05 වැනි සෙනසුරාදා යන දෙදින තුළ මෙම තරඟාවලිය පැවැත්වේ.
මීගමුව කලාප භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදේශකත්වයෙන් සහ සංවිධානයෙන් මෙම බොක්සින් තරඟාවලියේ අර්ධ අවසන් සහ අවසාන මහා තරග පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සංවිධානය කර ඇත.
මෙම බොක්සින් තරඟාවලියට සමගාමීව එම දෙදින තුල ඩී ජේ සංගීතය ඇතුළු සංගීතමය වැඩසටහන් කිහිපයක්ද වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තරගාවලිය සඳහා ප්‍රකට වෙළඳ ව්‍යාපාර කිහිපයක්ම අනුග්‍රහකත්වයෙන් දායක වන බවද සංවිධායකයන් පවසති.

ලෙයිටන් කුසලාන බොක්සින් තරඟාවලිය නැරඹීමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. කලකින් දක්නට නොලැබෙන අධි උද්වේගකර බොක්සින් තරගාවලියක් නැරඹීම සඳහා මෙම තරඟාවලිය සංවිධායකයින් ඔබ සැමටම ආරාධනය කර සිටී. ..