ලේල්ලම වැසේ ? සහනාධාර ප්‍රෝඩාවට එරෙහිව ධීවරයෝ අද උද්ඝෝෂණයක..

0
374

lelamaඉන්ධන මිළ වැඩිකිරිමට එරෙහිව ගෙන ගිය ධීවර උද්ඝෝෂණය අවසන් වුයේ ධීවරයන් හට යම්පමණක සහනාධාරයක් ලබාදෙමිනි.
විවිධ අක්‍රමිකතා මත ක්‍රියාත්මක වු මේ සහනාධාර ක්‍රමය නවතා දමා ඒ වෙනුවට එක්වරක් පමණක් වු මුදලක් ලබාදිම ඒ මුදලට ධීවරයන් දැල් ලබාදිමේ යෝජනාවක් රජය විසින් ධීවර ජනයා වෙත යෝජනා කරන ලදි.
එයට එරෙහිව අද මීගමුවේ ධීවරයෝ මුහුදු නොගොස් කොතලාවල පාලම අසලට බෝට්ටු වලින් පැමිණ විරෝධය දැක්විමට කටයුතු සැලැසුම් කර ඇත.
මේ වන කොටුව පිටිය අසල පිහිටි මාළු ලෙල්ලම වසා දමා ඇතැයි වාර්ථා වේ.
මෙම උද්ඝෝෂණය සදහා ප්‍රදේශයේ පියතුමන්ලාද සහභාගිවිමට නියමිත බව සංවිධායකවරයෙකු අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා සිටියේය.