ලේ තිත්තයා…..

0
2594

ලේ තිත්තයා ( Cherry Barb , Puntius titteya )ඉතාමත් අලංකාර මත්ස්‍යයෙකු වන ලේ තිත්තයා ලංකාවේ කැළණි ගංගා ද්‍රෝණියේ සිට නිල්වලා ගංගා ද්‍රෝණිය දක්වා ව්‍යාප්තියක් පෙන්වයි. ලංකාවට ආවේනික මොහු සෙවනැති, මඩ හෝ කොළරොඩු සහිත පතුලක් ඇති සෙමෙන් ගලන දියපාරවල් වල ජීවත් වෙයි.

නිමග්න ජලජ ශාක සහිත ප්‍රදේශ වලට වඩාත් ප්‍රිය කරයි.දිගටි සිරුරක් සහිත ලේ තිත්තයා ඌර්ධව හනුක අංකුට(maxillary barbells) යුගලක් දරයි. Sri Lankan Freshwater Fishes ග්‍රන්ථයට අනුව මොවුන්ගේ වර්ණ ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. “නියෝන්(Neon)” ප්‍රභේදයේ පෘෂ්ඨීය ප්‍රදේශය තද දුඹුරු පැහැති වන අතර පහලට යත්ම එය කහ පැහැයට හුරු වර්ණයකට හැරෙයි.

මෙම නිසා පෘෂ්ඨීය හා පාර්ශ්වික ප්‍රදේශ අතර ඇතිවූ තියුණු සීමාවක් දැකගත හැකියි. දේහයේ පූර්ව ප්‍රදේශයෙන් ඇරඹෙන තද දුඹුරු පැහැති තිරස් රේඛාවක් ඇස හරහා ගමන් කර පෞච්ඡ වරලේ මුල හරි මැදින් අවසන් වේ. කහ-රතු පැහැයක් සහිත විනිවිදපෙනෙන සුළු වරල් දරයි. ඇතැම් පිරිමි සතුන්ගේ පාර්ශ්විකව නිල් පැහැ දිස්නයක් දැකගත හැකියි. ගැහැනු සතුන් වර්ණයෙන් ලා පැහැති වේ.



“රතුකැට(ruby)” ප්‍රභේදයේ පෘෂ්ඨීය පෙදෙස තද රතු පැහැයක් ගනියි. පාර්ශ්විකව දීප්තිමත් රතු පැහැයක්ද, උදරීයව වඩාත් ලා පැහැයක්ද පෙන්වයි.

නියෝන් ප්‍රභේදය පෙන්වන තද පැහැ තිරස් රේඛාව මොවුන්ගේ දැකගත් නොහැකි වන අතර මොවුන්ගේ විනිවිද පෙනෙන සුළු වරල් දීප්තිමත් රතු-රෝස පැහැයකින් යුක්තයි. පිරිමින් හා සැසඳූ කල ගැහැනු සතුන්ගේ ශරීර වර්ණයේ දීප්තිමත් බවින් අඩුය. සංවේදී මත්ස්‍යය විශේෂයක් වන මොවුනගේ පැවැත්මට ප්‍රධාන තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීමයි. මතු දවස උදෙසා මෙවැනි සුන්දර ජීවීන් රැකගැනීම අපගේ යුතුකමකි..!-
අන්තර්ජාල⁣යෙන් උපුටා ගැනීමකි. –
තවත් කෙනෙකුගේ විසිතුරු මසුන් පිළිබඳ දැනුම වර්ධනය සඳහා මේ ලිපිය share කරන්නත් අමතක කරන්න එපා. © https://www.facebook.com/T.K.Aquarium/