”ලොක් ඩවුන්” ඉවත් කළ දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9 ක් ?

0
75

Corona-poci-web-825x412( 3.05 pm )  හුදුකලා නිතිය ඉවත් කර ඇති දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් වාර්තා වෙමින් ඇති කොරෝනා ආසාදිතයන් ගණන ඉහල යමින් ඇති බව පෙනේ.
පෙරේදා දිනයේ සෙත්තප්පාඩුව ප්‍රදේශයේ වාර්තා වි තිබුන ආසාදිතයන් ගණන 9 කි.
අද වන විට දූව ප්‍රදේශයෙන්  5 දෙනෙකු වාර්තා වි ඇති අතර තවත් 4 දෙනෙකු තලාහේන ප්‍රදේශයේ ඉස්සන් ආශ්‍රිතව ව්‍යාපාරික කටයුතු කරනු ලබන ස්ථානයකින් වාර්තා වි ඇතැයි පැවසේ .
ඒ අනුව තලාහේන පේරුව ප්‍රදේශයෙන් හෙවත් දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් අද දිනයේත් මේ වන විට ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වි තිබේ.
තතු එසේව තිබියදි කලින් ක්‍රියාත්මකව පැවැති හුදකලා නිතිය මේ සතියේ ඉවත් කර තිබිම සැබැවින්ම අවදානම් තත්වයක් නිර්මානය කිරිමට ඉතා වැඩි ඉඩකඩක් මේ තත්වය හමුවේ මතුව තිබේ.
මේ ගැන ආදාල බලධාරින් වහාම මැදිහත් විය යුතුව ඇත්තේ පසුගිය දිනක සෙත්තප්පාඩුව ප්‍රදේශයෙන් වාර්තා වු ඇතැම් ආසාදිතන් සිය PCR පරික්ෂණ වලින් පසුව මාදැල් වටකිරිම් වලට පවා එක්ව ඇතැයි දැනටමත් පැතිර යන රාවයන්ද සමගින්ය